දේශීය

තාමත් නොවිසඳුණු වන අලි ගැටුමට විසඳුම් ඉල්ලා කහටගස්දිගිලිය ජනතාව ගමෙන් නගරයට

කහටකස්දිගිලිය ගම්මාන රැසක පවතින වන අලි ගැටුමට විසදුම් ඉල්ලා කහටගස්දිගිලිය ජනතාව කහටගස්දිගිලිය නගර⁣යේ දි ඊයේ උදැසන උද්ඝෝෂණයක් අරම්භ කළා.

කහටගස්දිගිලිය නගර මධ්‍යයෙන් ආරම්භ කරන ලද උද්ඝෝෂණය සටන් පාඨ සහ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගය ඔස්සේ පාගමනින් ප්‍රාදේශීයකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණා.

විරෝධතාකරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැයකට පමන ආසන්න කාලයක් උද්ඝෝෂණය නිරත වූ අතර එම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණි අතර උද්ඝෝෂකයින් එම අවස්ථාවේ තමන්ට පවතින ගැටළුව පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කළා.

එම අවස්ථාවේ ප්‍රදේශීය ලේකම්වරයා උද්ඝෝෂණයට එක්වු පිරිසට දැනුවත් කළේ මේ වන විට වනජිවී දේපාර්ථමෙන්තු නිළධාරින්ද එම නිළධාරින්ට ද පහසුකම් නැතැයි පවසා වැඩ වර්ජනයක නිරිත වෙමින් පවතින බවයි.

එම අවස්ථාවේ විරෝධතාකරුවන් උණුසුම් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දක්නට ලැබුණා.

ඒ අනුව එළඹෙන සතිය ඇතුළත අදාළ නිලධාරීන් එකතු කොට උද්ඝෝෂණයට එක් වූ පිරිසගේ ගැටලු වලට ස්ථිර විසඳුමක් ලබා දීමට අවශ්‍ය කරන මැදිහත්වීම සිදු කරන බව පැවැවසීමත් සමග උද්ඝෝෂකයින් මාධ්‍ය වෙත තම ගැටලුව ඉදිරිපත් කොට විසිර ගියා.

සතියක් ඇතුළත තම ගැටළුවට විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී මීට වඩා ප්‍රබලව ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි උද්ඝෝෂකයන් පැවසුවේ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

10 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

10 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago