දේශීය

තාමත් නොවිසඳුණු වන අලි ගැටුමට විසඳුම් ඉල්ලා කහටගස්දිගිලිය ජනතාව ගමෙන් නගරයට

කහටකස්දිගිලිය ගම්මාන රැසක පවතින වන අලි ගැටුමට විසදුම් ඉල්ලා කහටගස්දිගිලිය ජනතාව කහටගස්දිගිලිය නගර⁣යේ දි ඊයේ උදැසන උද්ඝෝෂණයක් අරම්භ කළා.

කහටගස්දිගිලිය නගර මධ්‍යයෙන් ආරම්භ කරන ලද උද්ඝෝෂණය සටන් පාඨ සහ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගය ඔස්සේ පාගමනින් ප්‍රාදේශීයකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණා.

විරෝධතාකරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැයකට පමන ආසන්න කාලයක් උද්ඝෝෂණය නිරත වූ අතර එම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණි අතර උද්ඝෝෂකයින් එම අවස්ථාවේ තමන්ට පවතින ගැටළුව පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කළා.

එම අවස්ථාවේ ප්‍රදේශීය ලේකම්වරයා උද්ඝෝෂණයට එක්වු පිරිසට දැනුවත් කළේ මේ වන විට වනජිවී දේපාර්ථමෙන්තු නිළධාරින්ද එම නිළධාරින්ට ද පහසුකම් නැතැයි පවසා වැඩ වර්ජනයක නිරිත වෙමින් පවතින බවයි.

එම අවස්ථාවේ විරෝධතාකරුවන් උණුසුම් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දක්නට ලැබුණා.

ඒ අනුව එළඹෙන සතිය ඇතුළත අදාළ නිලධාරීන් එකතු කොට උද්ඝෝෂණයට එක් වූ පිරිසගේ ගැටලු වලට ස්ථිර විසඳුමක් ලබා දීමට අවශ්‍ය කරන මැදිහත්වීම සිදු කරන බව පැවැවසීමත් සමග උද්ඝෝෂකයින් මාධ්‍ය වෙත තම ගැටලුව ඉදිරිපත් කොට විසිර ගියා.

සතියක් ඇතුළත තම ගැටළුවට විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී මීට වඩා ප්‍රබලව ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි උද්ඝෝෂකයන් පැවසුවේ.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

7 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

7 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

17 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

17 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

18 hours ago