Friday, September 11, 2026
Homeදේශීයවැස්ස තවත් නපුරු වෙයි

වැස්ස තවත් නපුරු වෙයි

ප්‍රදේශ රැසකට අද (15) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති කරමින්.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බවයි.

වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල අද සවස 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

දකුණ, ඌව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟේ ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වර්ෂාව හේතුවෙන් උල්හිටිය, රත්කිඳ ජලාශයේ වාන් දොරටු ඊයේ රාත්‍රියේ විවෘත කළා. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඒ හේතුවෙන් රත්කිඳ ගිරාඳුරු කෝට්ටේ මාර්ගයේ සපත්තු පාලම භාවිතයෙන් වළකින ලෙසයි.

එමෙන්ම කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 12 ක් ද ඊයේ රාත්‍රියේ විවෘත කර තිබෙනවා.

READ:   කොරෝනා වෛරසය සඳහා මිලෙන් අඩු නව එන්නතක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්