දේශීය

ඉදිරි මාස හයේ නීතිය දැඩිව! – මට බාධා කරන ඕන කෙනෙක්ට මම ගහනවා කාටවත් යටත් වෙන්නේ නැහැ! – ආරක්ෂක ඇමති

ඉදිරි මාස කිහිපය තුළ රටේ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් අමාත්‍යවරයා…

“සියලුප්‍රදේශවල ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම සඳහා නිශ්චිත කාල රාමුවක් අපි ලබාදුන්නා. යම් යම් හේතුන් මත ඒ සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ සඳහා අවශ්‍ය කාලය ලබා දුන්නත් මේ වන තුරුත් එය නිසි ආකාරයෙන් ඉෂ්ට වී නැති බවක් පෙනී යනවා. නමුත් එලෙස කටයුතු කිරීම මාගේ ක්‍රමවේදය නොවෙයි. යම්කිසි තීරණයක් ගත්විට එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. අපට ලැබී ඇති කෙටි කාලය තුළ විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කිරීමට අප සූදානම් වුවත් සියලු දෙනාම එක්ව එය සාර්ථක කර ගැනීමට කටයුතු නොකළහොත් එම ඉලක්ක වෙත ළඟාවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.”

“අප මෙම කාර්යය ආරම්භ කළ යුත්තේ ප්‍රජා පොලිස් කමිටු තුළින්. ප්‍රදේශ භාර නිලධාරීන්ට මෙම කාර්යය නිසිආකාරයෙන් ඉටු කිරීම පිළිබඳ විශාල වගකීමක් පැවරෙනවා. එම වගකීම භාර ගැනීමට නොහැකි අය සිටිනවා නම් එයින් ඉවත්වීමේ හැකියාව පවතිනවා. ප්‍රජා පොලිස් කමිටු මඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ගැනීමට අප බලාපොරොත්තු වනවා. එම නිසා සියලුම නිලධාරීන්ගේ දායකත්වයෙන් සති කිහිපයක් තුළ මෙම කාර්යය ඉටු කරනු ඇති බව මා බලාපොරොත්තු වෙනවා. එම කමිටු ක්‍රියාත්මක වීමත් සමඟ ප්‍රදේශයේ සියලුම මට්ටමේ නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙනවා. නිවැරදි ආකාරයෙන් මෙම සැලසුම් ක්‍රියාත්මක කළහොත් අපට පවතින අභියෝග 75% කට වඩා ජයගැනීමට හැකියාව පවතිනවා.”

“පළාතේ සිදුවන සියලු දේ සම්බන්ධ වගකීම එම ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති ඇතුළු නිලධාරීන් වෙත පැවරෙනවා. මේ සෑම ප්‍රදේශයක් සම්බන්ධවම නිරීක්ෂණය කරමින් වාර්තා ලබා ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. එම නිසා මේ සැලසුම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳව තදින් කටයුතු කිරීමට සිදුවනවා. මෙලෙස එකින් එක නව වෙනස්කම් සිදුවීමේදී ඇතැම් සමාජ මාධ්‍ය කුපිත වීමක් දක්නට ලැබෙනවා. අමාත්‍යවරයා ලෙස මටත්, පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන්ටත් දිගින් දිගටම මඩ ප්‍රහාර දියත් කරමින් පවතිනවා. මේ සියල්ල මෙහෙයවන්නේ පාතාලයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්වල මුදල් මගින්. මේ ප්‍රචාරයන් වලින් 99%ක්ම සාවද්‍ය ප්‍රකාශයන්. එවැනි ක්‍රියාවන් කිසිසේත්ම අපට අභියෝගයක් නොවෙයි.”

“රටේ දරුවන් දෙමාපියන් වෙනුවෙන් කළ හැකි විශාලම මෙහෙවර වන්නේ මේ මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය තුරන් කර දැමීමයි. ඇතැම් ප්‍රදේශවල බොහෝ සිදුවීම් සිදුවුවත් ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. මත්ද්‍රව්‍ය, පාතාලය සමඟ සොරකම් ඇතුළු ක්‍රියාකාරකම්වලද වර්ධනයක් පෙනී යනවා. එම නිසා ඒ සම්බන්ධව නිසි ආකාරයෙන් පියවර ගැනීම පිළිබඳ වගකීම ඉහළ පොලිස් නිලධාරින් වෙත පැවරෙනවා. එලෙස කැපවන ඕනෑම නිලධාරියකු මුහුණ දෙන ගැටලුවකදී මා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වන විටත් පොලිසිය වෙනුවෙන් සිදුකළ හැකි සෑම දෙයක්ම මා ඉටු කර දී තිබෙනවා. ඒ පහසුකම් නිසි ආකාරයෙන් ලබාදීම තුළින් මා බලාපොරොත්තු වන්නේ රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු කිරීමයි.”

“අමාත්‍යවරයා ලෙස මගේ ඉලක්කය වන්නේ ඉදිරි මාස හය තුළ රටේ අපරාධ මර්දනය කර විශාල වෙනසක්‌ සිදුකිරීමයි. එම ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට මා සූදානම්. මේ පණිවිඩය ජනතාව අතරටත් ගෙන යෑමට මා බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ජනතාවගේ දායකත්වය සහ සහයෝගයද ලබා ගැනීමට අප කටයුතු කරනවා. ජනතාව තමන් මුහුණ දෙන ගැටළුවකදී පොලිසියේ පිහිට පතන්නේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති නිසායි. ඔවුන්ට සුහදශීලීව සැලකිය යුතුයි. එවිට අපගේ වැඩපිළිවෙලට ජනතාවගේ සහයෝගය ද අනිවාර්යයෙන් හිමිවනවා.”

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

28 mins ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

34 mins ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

13 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

13 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

13 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago