Wednesday, June 3, 2026
Homeදේශීයමහින්ද රාජපක්ෂ සාධාරණය ඉල්ලයි..

මහින්ද රාජපක්ෂ සාධාරණය ඉල්ලයි..

අරගලයට මුවා වී ඇතමෙක් පොදුජන පෙරමුණේ පාක්ෂිකයින්ට හිරහැර කළ බවත් තාමත් ඊට සාධාරණය ඉටුව නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් කොමිසමක් පත් කර විමර්ශනයක් සිදු කළ යුතු බවයි රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

අද (15) පොදුජන පෙරමුණේ විශේෂ මහා සම්මේලනය අමතමින් ඒ මහතා මේ බව පැවසුවා.

පොලිසිය සැබෑ අපාරාධකරුවන් අත්අඩංගුවට නොගත් බවත් සැබෑ අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අනාගතයේ දවසක එම ප්‍රශ්න සාධාරණව විසඳා ගන්නා බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

READ:   පාර්ලිමේන්තුවේ භූමිකාව ගැන විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්