දේශීය

ශ්‍රී ලංකාවේ නායකත්වයෙන් කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී හමුව හෙටින් ඇරඹේ.

විගමනික ශ්‍රමිකයන්ගේ අයිතීන් වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොලේ පවතින අවස්ථාවන් වර්ධනය කිරීම සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු කරමින් කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී හමුව හෙට (12) ආරම්භ වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ හෙට (12) ශ්‍රී ලංකාවේ නායකත්වය යටතේ ආරම්භ වන කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී රැස්වීම සම්බන්ධයෙන් අද (11) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිණි.

කොළඹ ක්‍රියාවලිය ක්ෂේත්‍ර තුනක් යටතේ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම් ශ්‍රී ලංකාවේ නායකත්වය යටතේ දෙසැම්බර් 12 සිට 14 දක්වා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව නිපුණතා සහ සුදුසුකම් හඳුනාගැනීම, ලාභදායී වේගවත් සහ ආරක්ෂිතව ප්‍රේෂණ හුවමාරුව, සහ සාධාරණ හා සදාචාරාත්මක බඳවා ගැනීමේ පිළිවෙත් යන ක්ෂේත්‍ර තුන යටතේ මෙම ක්‍රියාකාරී රැස්වීම් පැවැත්වීමට නියමිතය.
මෙම තේමාත්මක ක්ෂේත්‍ර 3 හි සභාපතිත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශ රජයන් විසිනි. සමුළුවේ තුන්වන දින විදේශ රැකියාවලින් අනතුරුව ආපසු සිය රට බලා යන සාමාජික රටවල විගමණික ශ්‍රමිකයින් තිරසාර ලෙස සමාජගත කිරීම සඳහා සහාය වීමේ අභියෝග සහ අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දැනුම සංසදයක් බිහිකිරීමද ඇතුළත් වේ.

නැවත පැමිණෙන විගමණික ශ්‍රමිකයින් නැවත සමාජගත කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සපයන “දකුණු ආසියානු සංක්‍රමණික සේවකයන් සඳහා නැවත සමාජගත කිරීම පිළිබඳ කලාපීය අත්පොතක්” එළිදැක්වීම මෙම අවස්ථාවට ඇතුළත් වේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහය ඇතිව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් මෙම අත්පොත හඳුන්වා දෙනු ලැබේ.
සක්‍රිය කොළඹ ක්‍රියාවලියේ සාමාජික රටවල් එකොළහක නියෝජිතයින් සහ සිවිල් සමාජය, පෞද්ගලික අංශය, වෘත්තීය සමිති, විද්වතුන්, දකුණු සහ අග්නිදිග ආසියාවේ කම්කරු සංක්‍රමණ පාලනය (GOALS) වැඩසටහන ක්‍රියාත්මක කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ නිරීක්ෂකයින් ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

කොළඹ ක්‍රියාවලිය අවුරුදු 20ක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. එය කලාපයේ විදේශ ශ්‍රමිකයින්ගේ නිපුනතාවයන් හදුනා ගැනීම, ප්‍රේෂණ වල ඇති ලාභදායී භාවය, සාදාචාරත්මක ආකාරයෙන් සේවයේ යොදවා ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ක්‍රමවේද සකස්කරගන්නා වැඩ පිළිවෙල තමයි කොළඹ ක්‍රියාවලිය කියලා හඳුන්වන්නේ.

මේකට සම්බන්ධ රටවල් 11ක්, සිවිල් සමාජ, පුද්ගලික අංශය, වෘත්තීය සමිති, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, සහ සංවර්ධන හවුල්කරුවන් රැසක් කාලාන්තරයක් තිස්සේ මේ සඳහා සහභාගීත්වය ලබා දුන්නා.

කොළඹදී ආරම්භ වුනු නැවතත් කොළඹදී පැවැත්වෙන කොළඹ ක්‍රියාවලියට මෙවර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් මූලිකත්වය අරගන්නවා. සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මීට පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙනවා.

මෙහිදී කලාපයේ රටවල වෘත්තීය සමිති නියෝජිතයින්, ක්‍රියාකාරිකයින් ඇතුළු සියලු දෙනා එකට එකතුවෙලා මේචචර කාලයක් ක්‍රියාත්මක කළ ක්‍රමවේදය නිවැරදිද? මෙම ක්‍රමය කෙසේද යාවත්කාලීන කළ හැක්කේ? කියන කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට අපෙක්ෂා කරනවා.
මේක අලුත් ආරම්භයක් විදිහටයි ක්‍රියත්මක කිරීමට අපේක්ෂා කරන්නේ. මීට සමගාමීව, දකුණු ආසියානු සංක්‍රමනික සේවකයින් නැවත සමාජ ගත කිරීමේ කලාපීය අත්පොතකුත් හදුන්වා දීමට කටයුතු කරනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාශය විදේශගතව රැකියා කරලා නැවත පැමිණෙන පිරිස යලිත් සමාජගත කරන ආකාරය සම්බධයෙන් අදහස් හා අත්දැකීම් හුවමාරුකරගැනීමත් මෙහිදී සිදුවෙනවා.

එමෙන්ම විගමනික ශ්‍රමිකයින්ගේ අයිතීන් පිළිබදවත්, විගමනික ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ පොලේ තියෙන අවස්ථා වර්ධනය කිරීමට අදාලවත් සාකච්චා කිරීමට අපේක්ෂා කරනවා.

විගමනික ශ්‍රමිකයන් හරහා ලැබෙන ආර්ථික ප්‍රතිලාභ කළමනාකරණය කරන ආකාරයත්, ඔවුන්ගේ ප්‍රේෂණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීමටත් අදාල කටයුතු පිළිබඳ අපි සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතයි.

මෙහිදී විගමනික ශ්‍රමිකයින්ගේ සුබසාධනය, ආරක්ෂාව සහ ඔවුන් නැවත මව් රටට පැමිණි විට රැක බලාගන්නා ආකාරය කලාපයක් වශයෙන් එකතු වෙලා ක්‍රියාවලියක් නිර්මාණය කිරීම ගැනයි අවධානය යොමු කරන්නේ. ඊට රජය පූර්ණ සහය දෙනවා. ඊට ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ලැබිලා තියෙනවා.

Recent Posts

නිල්වලා ලවණ බාධකයෙන් වගා පාඩුවූ ගොවීන්ට වන්දි

නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…

20 mins ago

අස්වැසුම දෙවන අදියරේ ජුනි මස දීමනාව අද බැංකු ගිණුම්වලට…

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…

27 mins ago

උණුසුම් කාලගුණයෙන් ප්‍රංශයේ පුද්ගලයන් 18ක් මරුට

යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට…

33 mins ago

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්…

39 mins ago

බස්නාහිර සීග්‍රයෙන් ඩෙංගු වැඩිවෙනවා,ඩෙංගු වළක්වාගන්න මහජනතාවගේ තාම කිසිම සූදානමක් නෑ.-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති

බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…

24 hours ago

දරුවන් ලෙඩ කරන කෙටි කෑමට සහ පැණි බීමට තහ­න­මක්

පාසල් දරු­වන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාල­නය සඳහා ‘සෞඛ්‍ය­වත් පාසල් ආප­න­ශාලා මාර්ගෝ­ප­දේ­ශය’ නිල වශ­යෙන්…

1 day ago