Saturday, January 31, 2026
Homeදේශීයලබන වසරේ ව්‍යවස්ථා සංශෝධනයක්?

ලබන වසරේ ව්‍යවස්ථා සංශෝධනයක්?

ලබන වසරේ දී ජනාධිපතිවරණයත් අනතුරුව මහමැතිවරණය සහ පළාත් සභා මැතිවරණයත් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

එම මැතිවරණ පැවැත්වීමෙන් අනතුරුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවස්ථාව ලැබෙන බවයි වික්‍රමසිංහ මහතා පැවසුවේ.

ඒ අනුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනමතයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

දැන් ඒ සඳහා සූදානම් විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව මගින් සිදුවන බලය බෙදීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා.

සියල්ල කොළඹ අගනුවර හරහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

READ:   දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ආරම්භ කළා - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්