දේශීය

මතුගමට කාන්තා බලමුළුවක් පිහිටුවීමේ පළමු වෙඩි මුරය මාධ්‍යවේදී ශ්‍රීපාල්ගෙන්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක,නව පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ මතුගම ආසන සංවිධායක (සම) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා විසින්,මතුගම ආසන කාන්තා බලමණ්ඩලය පිහිටුවීම පසුගියදා, මතුගම නෑබඩ පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේදී සිදු කෙරුනි.

file

ඒ පක්ෂයේ වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

මධ්‍යම කාරක සභික ආචාර්ය චමිල ලියනගේ,හොරණ ප්‍රධාන සංවිධායක රවින්ද්‍ර ශ්‍රී සුරංජ,මතුගම සම සංවිධායක කීර්ති ජයසිංහ යන මහත්වරුන් මෙන්ම සමස්ත ලංකා නිදහස් කාන්තා පෙරමුණේ ලේකම් අරුන්දතී ජයකොඩි සහ පරිපාලන ලේකම් කුමාරි පතිරගේ යන මහත්මීන් ඇතුලු,කොට්ඨාස නායක නායිකාවන් රැසක්ද මීට එක් වුනි.

file

මෙහිදී මතුගම ආසනයේ නව කොට්ඨාස නායිකාවන් කිහිප දෙනෙකුට පත්වීම් ලබා දීමද සිදුවිය.

file

පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැසුවේ,අද රටේ ජනතාව විදින පීඩා දෙස බැලීමේදී,කාන්තාව දේශපාලනයට පිවිසීමේ හොදම කාලය මෙය බවයි.

සීනි මිළ විමසීමේදී ඇගේ සීනි වැඩිවන තත්වයකට රට පත්ව ඇති බවත්, පක්ෂයේ ප්‍රතිපත්තිය අනුව ග්‍රාමීය කාන්තාව බල ගන්වනු ලබන්නේ, ඇයට ඉහලම තැනක් ලබා දීමේ අරමුණින් බවයි.

⁣මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායක,නිදහස් පක්ෂ මාධ්‍ය කමිටු සාමාජික හා ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ කලුතර දිස්ත්‍රික් උප ලේකම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය ශ්‍රීපාල් වන්නිආරච්චි මහතාද අදහස් පල කලා.

ඔහු පැවසුවේ කාන්තාවට හිමි තැන ලබාදුන් එකම නායකයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

මතුගම ආසන කාන්තා බලමණ්ඩලය පිහිටුවීම හරහා ගම් මට්ටමින් කාන්තා බල මුළුවක් නිර්මාණය කර, ග්‍රාමීය කාන්තාවට ස්ව ශක්තියෙන් නැගී සිටීමට හැකි පරිසරය නිර්මාණය කරන බවද ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා පෙන්වා දුන්නා.

සමස්ත ලංකා නිදහස් කාන්තා පෙරමුණේ පරිපාලන ලේකම් කුමාරි පතිරගේ මහත්මියද අදහස් දැක් වූ අතර ඇය පැවසුවේ, කාන්තා නියෝජනය සියයට පනහ දක්වා වැඩිකල යුතු බවයි.

මෙහිදී කාන්තා බලමණ්ඩලය පිහිට වූ අතර, උපාධිධාරී ගුරුවරියන්,සමාජ සේවිකාවන්,සමිති සමාගම්වල නායිකාවන් තනතුරු සදහා ඒකච්ඡන්දයෙන් තේරී පත්වීම විශේෂ ලක්ෂණයක් විය.

කාන්තා බලමණ්ඩලය පිහිටුවීමට සමගාමීව මතුගම ආසනයේ කොට්ඨාස කීපයක් සදහා නායිකාවන් පත් කිරීමද සිදුවිය.

file

මතුගම ආසන කළමණාකාරිනී තේජානි ෂෙහානා මෙණවිය,මතුගම ආසන තරුණ පෙරමුණ හා ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ සාමාජික සාමාජිකාවන් රැසක්ද මීට එක් වුනි.

file

ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නර්ථන කණ්ඩායම් උත්සවය වර්ණවත් කිරීම තවත් කැපී පෙනෙන ලක්ෂණයක් විය.

file

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

7 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

7 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago