දේශීය

විදේශ රැකියා නියෝජිතයින්ගේ වෘත්තීයභාවය වැඩි කිරීමට බැඳුම්කරය ලක්ෂ 50 දක්වා වැඩි කරනවා – මනූෂ නානායක්කාර

විදේශ රැකියා නියෝජිතයින්ගේ රුපියල් ලක්ෂ හත හමාරක් වූ බැඳුම්කරය රුපියල් ලක්ෂ 30 දක්වා මේ වන විට වැඩි කර ඇති බවත් එය රුපියල් ලක්ෂ 50 දක්වා වැඩිකරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

එමගින් විදේශ රැකියා නියෝජිතයින්ගේ වෘත්තීයභාවය වැඩි කිරීම හා එම ආයතන පිළිබඳ විදේශ ගත වන ශ්‍රමිකයින්ගේ විශ්වාසය වැඩි කිරීම අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේ.

එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය හා එක්ව ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ඩිප්ලෝමාවක් ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී විදේශ රැකියා නියෝජිත බලපත්‍ර ලබා ගැනීමේදී මෙම ඩිප්ලෝමාව ලබා ගැනිම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

10 hours ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

10 hours ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

4 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

5 days ago