දේශීය

විදෙස් ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ගෙන්වන වැඩෙට මහාභාණ්ඩාගාරයෙන් බාධා?

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

එම වැඩපිළිවෙළ හරහා ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින්ගෙන් රට ඇතුළට ලැබී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් වාහන ආනයනය කිරීමට අදාළ ණයවර නිකුත් කිරීම, දීර්ඝ කිරීමට මහාභාණ්ඩාගාරය මන්දගාමීව කටයුතු කිරීම බාධාවක් වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් කළ ද තවමත් ඒ සඳහා මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් ප්‍රතිචාර දක්වා නැති බව නානායක්කාර මහතා සඳහන් කළා.

අමාරුවෙලාවේ රටට ප්‍රතිලාභ ගෙනද්දුන්න මිනිසුන්ට දෙන සහනය ලබා දෙන්න මහාභාණ්ඩාගාර නිලධාරීන් කල් ගන්නා බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේ.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

8 hours ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

8 hours ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

4 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

4 days ago