දේශීය

විදෙස් ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ගෙන්වන වැඩෙට මහාභාණ්ඩාගාරයෙන් බාධා?

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

එම වැඩපිළිවෙළ හරහා ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින්ගෙන් රට ඇතුළට ලැබී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් වාහන ආනයනය කිරීමට අදාළ ණයවර නිකුත් කිරීම, දීර්ඝ කිරීමට මහාභාණ්ඩාගාරය මන්දගාමීව කටයුතු කිරීම බාධාවක් වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් කළ ද තවමත් ඒ සඳහා මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් ප්‍රතිචාර දක්වා නැති බව නානායක්කාර මහතා සඳහන් කළා.

අමාරුවෙලාවේ රටට ප්‍රතිලාභ ගෙනද්දුන්න මිනිසුන්ට දෙන සහනය ලබා දෙන්න මහාභාණ්ඩාගාර නිලධාරීන් කල් ගන්නා බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේ.

Recent Posts

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

16 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

17 hours ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

19 hours ago

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…

20 hours ago

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

5 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

5 days ago