Friday, October 16, 2026
HomeදේශීයUPDATE: සාමාන්‍ය පෙළ ප්‍රතිථල ගැන විශේෂ නිවේදනයක්.

UPDATE: සාමාන්‍ය පෙළ ප්‍රතිථල ගැන විශේෂ නිවේදනයක්.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අදාළ අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 04 වනදා සිට දෙසැම්බර් 18 වනදා දක්වා සිදුකරන බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිථල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිථල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමට නියමිතයි.

දේශීය සහ විදේශීය භාවිතය සඳහා විභාගයේ සහතික පත්‍ර ලබා ගැනීමට අද (01) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

READ:   අද පාසැල් සඳහා විශේෂ නිවාඩුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්