file
කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවට අයත් බල ප්‍රදේශයේ එක්වන කැළි කසල හා අපද්‍රව්‍ය කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවේ ටැක්ටර් හා ලොරිරථ මගින් ගෙනවිත් කහටගස්දිගිලිය නගරයට නුදුරින් පිහිටා ඇති ඒම සභාවට අයත් බොරළු කදු මුදුනකට මුදා හැර තිබීම හෙතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි පිඩාවකට පත්ව තිබෙනවා .
කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව නගරයේ අපවිත්‍ර කැලිකසල අවිධිමත් ලෙස බැහැර කිරීමෙන්, ඒ අවට ජීවත්වන ජනතාවට පාරිසරික මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි රඹාවැව ගම්වැසියෝ පවසති.
කහටගස්දිගිලිය රඹෑවැව ගම්මානයේ මදයාකඩ හීන්න ගම්මානයේ පිහිටා තිබෙන බොරළු කන්දේ ස්ථාපිත කර ඇති කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව සතු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන නොයාම නිසා එහි අසල්වැසියන් දැඩි ලෙස සෞඛ්‍ය අනාරක්ෂිත තර්ජනයක් හා පාරිසරික ගැටළු රැසකින් පීඩාවට පත්ව ඇති බව එම ගම්මානයේ ජනතාව චෝදනා කරයි.
පවුල් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් අතීතයේ සිට ජලස්නානය කිරිම, මසුන් ඇල්ලීම හා කුඹුරු වගා සිදු කිරීම සිදු කරගනු ලබන මදයාකඩ වැවේ ජල පෝෂිත ඇල මාර්ගය හීන්න බොරළු කන්දෙන් ආරම්භ වෙන බව පෙන්වා දෙන මදයාකඩ හීන ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන අතර වසර ගණනාවක සිට කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව මගින් මෙම ප්‍රදේශයට ටැක්ටර් සහ බවුසර මගින් හින්න බොරළු කන්ද මතට බැහැර කරන ඝන අපද්‍රව්‍ය සහ ගලි මගින් ගෙනැවිත් දමන මළ අපද්‍රව්‍ය රඹෑවැව මදයාකඩ වැවෙහි පෝෂිත ඇළ මාර්ගය හරහා වැවට මුසුවීමෙන් ගම්වාසීන්ට වැව අතහැර දැමීමට සිදුව ඇති බව පෙන්වා දෙයි.
ඝණ අපද්‍රව්‍ය කලමණාකරණ ව්‍යාපෘතිය නමින් උතුරු මැද පළාත් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ හා කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවේ මූල්‍යමය දායකත්වයෙන් විශාල මුදලක් වැය කොට මෙම ස්ථානයේ මිට වසර කිහිපයකට පෙර හීන්න බොරළු කන්දේ මෙලෙස ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණ ද , කලක් නිසි අයුරින් ක්‍රීයාත්මක වු ඝණ අපද්‍රව්‍ය කලමණාකරණ කටයුතු අතරමග නතර වී තිබීම හා නිසි ප්‍රමතියකින් තොරව ඝණ අපද්‍රව්‍ය මුදා හැරිම මගින් මෙලෙස ඉහත ගම්මානයේ පවුල් 400 ආසන්න ප්‍රමානයක ජනතාවක් පත්ව ඇති ගැටළුව පිළිබද අවස්ථා ගණනාවක් අදාල අංශයන් දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියාදාමයක් සිදු කොට තම ගැටළුවට ස්ථිරසාර විසදුමක් සිදු නොකල බව පෙන්වා දෙන කුණු ගැටළුවෙන් පිඩාවට පත් ජනතාව පවසන්නේ වෙනත් කරන්න කියන්න දෙයක් නොමැතිව සිටින අවස්ථාවේ තමන් පත්ව ඇති තත්වය පිළිබද මාධ්‍ය හරා රටේ වගකිවයුතු බළධාරින්ගේ අවධානයට යොමු කිරිම සදහා මාධ්‍ය වෙත ආරාධනා කර ආධාල මාධ්‍ය කටයුතු සිදුකරමින් සිටින අතර වාරයේ ඒ් පිළිබද දැනුවත්වු කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවේ නිළධාරින් සභාව සතු ජේ.සී.බී යත්‍රයක් ගෙනවිත්, ගලී බවුසර් වලින් ගෙනවිත් දමා තිබු මල අපද්‍රව්‍ය පස් දමා වසා දැමු බවයි.
මේ වන විට කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව මගින් ආරම්භකල ඝණ අපද්‍රව්‍ය කලමණාකරණ සමස්ත ව්‍යාපෘතිය ම සුදු අලියෙක් බවට පත්වෙද්දී , ප්‍රදේශයේ පවතින රක්ෂිතවලින් පැමිණෙනවා අලි හා රිලව් වදුරන් හා කපුටන් වැනි සතුන් කුණුවලට පුරුදු වී ඇති සුනකයින් ඒම ස්ථානයට පැමිණ කුණු ආහාරයට ගැණිම සිදුව වන බවත්,සුණකයින් හා කපුටන් ආහාරයට ගන්නාවු අපද්‍රව්‍ය කොටස් කුණු කන්දට නුදුරින් පිහිටා ඇති නිවාස වල ලිං වලට මුදා හැරිමද මෙම ජනතාව තවත් හිරිහැරයක් ව පවතින බව ජනතාව කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවට චෝදනා කරන අතර ප්‍රාදේශීය සභාව මගින් කිසිදු කළමනාකාරිත්වයකින් තොරව ගෙනැවිත් දමන අපද්‍රව්‍ය රිලවුන් හා සුනකයින් ආහාරයට ගන්නා අයුරු එහි අප කැමරා කාචයේ සටහන්විය.
වන අලින්ට අමතරව සුනඛයන්, රිලවුන් වඳුරන් සහ වෙනත් වන සතුන් ආහාරයට ගන්නා අතර වටිනා සත්ව ජීවිත වලට මෙය දැඩි තර්ජනයක් එල්ල විය හැකි බව හා කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවට අයත් බල ප්‍රදේශයේ එක්වන කැළි කසල හා අපද්‍රව්‍ය කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවේ ටැක්ටර් හා ලොරිරථ මගින් ගෙනවිත් කහටගස්දිගිලිය නගරයට නුදුරින් පිහිටා ඇති ඒම සභාවට අයත් බොරළු කදු මුදුනකට මුදා හැර තිබීම හෙතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි පිඩාවකට පත්ව තිබෙන බවට ගම්වාසින් නගන චෝදනාව පිළිබද අප හටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය වන පි.ආර්.ඉනෝකා ප්‍රීයදර්ශණි මහත්මියගෙන් විමසීමක් කල අතර ඒහිදී..
“කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව මගින් ආරම්භකල ඝණ අපද්‍රව්‍ය කලමණාකරණ මධ්‍යස්ථානය අපි වසර ගණනාවක් කරගෙන යනවා.කසල මුදාහරින භුමියේ සභාව සතුව අක්කර 8 කට ආසන්න ප්‍රමානයක් තියෙනවා.ඒතනට තමයි ඒකතුවෙන කැලි කසල වගෙම නගරයේන් ඒකතු කරන ගලී අපද්‍රව්‍ය මුදා හරින්නේ රඹෑවැව හින්න බොරළු කන්දට තමයි. මේ දක්වා කවුරුත් කුණු කන්ද ගැන සභාවට පැමිණිළි කරලා නෑ. සත්තුන්ගේ හානිය අපටත් හදින්ම බලපාල තියෙනවා.රිලව්ගෙන් වඳුරන්ගෙන් නිසා කසල මධ්‍යස්ථානය වටා වටකර තිබුන ආරක්ෂිත දැල පවා ඉරාදාල තියෙන්නෙ.ජනතාව චෝදනා කරන විදිහට වැවේ පෝෂිත ඇළට අපද්‍රව්‍ය මුදා හරිනවා කියන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.දැනට සතියක විතර ඉදන් පොඩි පොඩි ප්‍රශ්න ආවා.අපිත් පරික්ෂා කරලා බැලුවා.අපේ පෙනුම විදිහට නං ගැටළු එම ස්ථානයේ නෑ.මොනවා හරි ගැටළුවක් තියනම් අපි ඉදිරියට බලලා එම ගැටලු නිරාකරණය කර ගන්නම්.ස්ථානයේ කැලි කසල ප්‍රතිචක්‍රීකරණ දී අපට ගැටළු කිහිපයක් බලපාලා තියෙනවා, අපිට ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් නැහැ, කැලිකසල ගෙනැවිත් දැමීම සඳහා සේවකයෝ පහයි ඉන්නේ.කුණු ප්‍රතිචක්‍රීකරණ කටයුතු, සිදුවෙන්නේ සේවකයෝ දෙදෙනෙක්ගෙන්, මීට පෙර සේවය කළ සේවකයන් විශ්‍රාම යාමෙන් පසු, සේවකයන්ගේ අඩුවක් තියෙනවා, ප්‍රමාණවත් සේවකයන් නොමැතිවීම හේතුවෙන්, එම ස්ථානයේ කටයුතු ,තරමක් අඩාල වෙලා,ප්‍රදේශවාසීන්ට ගැටලුවක් තියෙනවා නං අපිත් එක්ක කතාබහ කරලා විසඳගන්න පුළුවන්.කුණු දමන ස්ථානය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපිට ලිපියක් මඟින් කරුණු කීපයක් හදාගන්න කියලා දැනුවත් කරලා තියෙනවා.මේ දිනවල අධික වර්ෂාව හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියපු කරුණු සම්පුර්ණ කර ගන්න බැරි උනාට , ඉදිරි සතියක් වගේ කාලයක් තුලදී, මේ ස්ථානයේ තියෙන අඩුපාඩු සම්පූර්ණ කරනවා “
යනුවෙන් “කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ පි.ආර්.ඉනෝකා ප්‍රීයදර්ශණි ලේකම්වරිය පැවසීය.
වසර ගණනාවක් ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල කෙරෙන හින්න බොරළු ක්නදේ පවතින කුණු කන්ද හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පසුගිය කාලය පුරාවට ලිඛිතව සහ වාචිකව තමන්ට පැණනැගී ඇති සාමාජික, ආර්ථික , පාරිසරික වශයෙන් ඇති ගැටලුව පිළිබඳ බලධාරීන් දැනුවත් කළත් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු ප්‍රදේශවාසීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, කඩිනමින් මෙම කුණු ගඳ ගසන ප්‍රශ්නයට විසදුමක් ලබා දී ප්‍රදේශවාසීන්ට හා වනසතුන්ගේ ජීවිත වලට සෘජුව හා වක්‍රව එල්ල වන බලපෑම නවතා දෙන ලෙසටයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…