දේශීය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 7ක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත ඊයේ (29) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් භාරදෙනු ලැබීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර ඇත.

අදාල රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3 මුදලක් ජනාධිපතිවරයාට ලබාදුන් අතර එම අවස්ථාවේදීම මහරගම අපෙක්ෂා රෝහලට ඖෂද මිලදී ගැනීම සඳහාද රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමටද පියවර ගෙන තිබිණි.
මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් මහතා, අමාත්‍යවරයාගේ උපදේශක ශාන් යහම්පත් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය 2023 වර්ෂය තුල ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන්ද සමාලෝචනය කරනු ලැබීය.

අමාත්‍යංශය විසින් මේවන විට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ජනාධිපතිවරයාව දැනුවත් කළේය. එහිදී ගරු සරු වැඩසටහන මගින් මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නිතරවන පිරිසට ගෞරවයක් ලබාදීමටත්, ඔවුන් සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා එක් කර ගනිමින් ශ්‍රම වෙළෙඳ පොළට අදාල තොරතුරු පද්ධතියට සම්බන්ධ කිරීම, සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාව දැනුවත් කළේය.

මෙරට තුලට ප්‍රේෂණ ගලා ඒම වර්ධණය කිරීම සඳහා විදේශගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර හදුන්වාදීම හා ඒ හා සම්බන්ධ කරුණු, විදේශගත ශ්‍රමිකයන්ගේ සංගම් ඇති කරමින් කරගෙන යන වැඩපිළිවෙල, ස්මාට් ක්ලබ් වැඩසටහන යටතේ සිදුකරන වෘත්තිය මාර්ගෝපදේශන වැඩසහන්, පිළිබඳවද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.

මේ අතර ගතවූ මාස 18 ක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් ලබා ගැනීමට හැකි වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා විදේශ ගත ශ්‍රමිකයින් හට හදුන්වා දුන් විශ්‍රම වැටුප් ක්‍රමයක් හදුන්වාදීම, විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් වෙනුවෙන් වෙනම ද්වාරයක් විවෘත කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාව දැණුවත් කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණයට ගනු ලබන පියවර සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළේය.

විදේශගත ශ්‍රමකයින්ගේ ප්‍රේෂණ, මෙරටට විදේශ විනිම ගලා එන ප්‍රධානතම ප්‍රභවයක් ලෙස සඳහන් කළ ජනාධිපතිවරයා, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගෙන යන වැඩපිළිවෙලට සිය සතුට පළකර අතරම නව රැකීරක්ෂා පනත මගින් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ඇති පියවර සිය ඇගයීමට ලක්කළේය.

මීට පෙර ඉතිහාසය පුරා අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දී තිබුනද එක් වර්ෂයක් තුලදී රුපියල් බිලියන 7ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 week ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

2 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

4 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

4 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

4 weeks ago