Monday, April 27, 2026
Homeදේශීයවැලිකන්දේ දී බසයක් කරනම් ගහයි: 30ක් රෝහලට

වැලිකන්දේ දී බසයක් කරනම් ගහයි: 30ක් රෝහලට

පොලොන්නරුව වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ දී අද (30) උදෑසන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් තිස්දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රදේශීය රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික සහල් මෝලක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්.

අද උදෑසන 7 ට පමණ සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ සිව්දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   නීත්‍යානුකූල නොවන ආකාරයට සම්මාන සහ ගෞරව නාම ලබා දීම, ලබා ගැනීම, භාවිතා කිරීමට එරෙහිව නීතිමය පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්