දේශීය

ඉඩම් හිමිකම සින්නක්කරව ජනතාවට ලබාදීම අනාගත ආර්ථිකය වෙනුවෙන් සිදුකළ ආයෝජනයක් – අමාත්‍ය මනූෂ නානායක්කාර

ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වරද නිවැරදි කර තිබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ඉඩම් හිමිකම සින්නක්කර ලෙස ජනතාවට ලබාදීම මඟින් ඔවුනට ස්වාධීන ආර්ථික ක්‍රියාවලියක නියැලීම සඳහා අවස්ථාව හිමිවෙන බවත් එබැවින් එය ආනාගත ආර්ථිකය වෙනුවෙන් කළ ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා…

2019 නොවැම්බර් බදු සංශෝධනයේ ප්‍රතිඵලයක් විදියට අති විශාල මුදලක් රාජ්‍ය ආදායමට අහිමි වුණා. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 8.5 %ක් දක්වා අඩු වුණා. එය රුපියල් බිලියන 600-700 ත් අතර ප්‍රමාණයක්. කොවිඩ් වසංගතය සමඟ 2021 අවසන් කාර්තුවේ සිට උද්ධමනය ඉහළ යාම ආරම්භ වුණා. එය 2022 වසර අවසානය වන විට 73.70 %ක් දක්වා ඉහළ ගියා. ලෝකයේ ඉහලම උද්ධමනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්වුණා.

ඉන් පසු පැවති ආණ්ඩුව මේ රට භාර ගන්නැයි විරුද්ධ පක්ෂව වෙත ආරාධනා කළත් අද අපව විවේචනය කරන කිසිවකු රට භාරගැනීමට ඉදිරිපත් වූයේ නැහැ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දැවැන්ත අභියෝගය භාරගෙන ඉතා කල්පනාකාරීව තීන්දු තීරණ ගෙන රට යම්තාක් දුරට ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා.

ආණ්ඩුවක් හැටියට අප 2023 අය වැය ඉදිරිපත් කළේ අධි උද්ධමන තත්වයකට රට පත්වීම වැලැක්වීම සඳහායි. ඒ සඳහා දැඩි මූල්‍ය පාලනයක් සිදු කරන්න අවශ්‍ය වුණා. 2023 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය 0. 80 % දක්වා පහළ ගෙන ඒමට අප සමත් වී තිබෙනවා.

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සහිතව අපි ඉදිරියට යන්නේ සමාජ වෙළදපොල ආර්ථිකයක් ලෙසයි. ඒ අනුව මෙවර අය වැය මඟින් සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 183ක් වෙන් කර තිබෙනවා. එය වෙනත් වසරවල දී වෙන් කළ මුදලට සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමක්. මෙමඟින් පවුල් ලක්ෂ විස්සකට ප්‍රතිලාභ හිමිවනවා.

සෑම මාසයකම රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 93ක් වැය වනවා. අස්වැසුම, විශ්‍රාම වැටුප් සඳහා මසකට බිලියන 30ක් වැය වනවා. ණය පොලී වෙනුවෙන් බිලියන 220ක් වැය වනවා. මේ ඇතුළු ප්‍රධාන වියදම් කිහිපයකට පමණක් මාසයකට බිලියන 383ක් වැය කිරීමට සිදුව තිබෙනවා. නමුත් මාසික බදු ආදායම රුපියල් බිලියන 215යි. එය බිලියන 168ක හිගයක්. මේ වගේ තත්ත්වයක් යටතේ ආර්ථිකය කළමනාකරණය කිරීම සැබැවින්ම අභියෝගාත්මකයි.. එවැනි පසුබිමක් යටතේ රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට ද අප කටයුතු කළා.

ඊට අමතරව ආර්ථික අතින් ශක්තිමත් අනාගතයක් සඳහා අප බොහෝ දේ සිදු කර තිබෙනවා. ගරු-සරු ශ්‍රමයට අභිමානයක් වැඩසටහන, නව රැකි රක්ෂා පනත ඇතුළුව විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ද බොහෝ කටයුතු කර තිබෙනවා.

ඒ වගේම ඉඩම් අයිතිය සින්නක්කරවම ලබාදීම මෙවර අය වැයේ තිබෙන විශේෂිත ලක්ෂණයක්. ඉඩම් කියන්නේ නිෂ්පාදනයේ ප්‍රධානම සාධකය. ජනතාවට ස්වාධීනව ආර්ථික ක්‍රියාවලියක නියැලීමට හැකියාව ලැබෙනවා. ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනියි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ 2024 අය වැය හරහා එම වරද නිවැරදි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙය අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක්.

තව ද වතුකරයේ ජනාතවට ඉඩම් අයිතිය ලබාදීම සදහා රුපියල් බිලියන 4ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ඒ වගේම බිම් සවිය වැඩසටහන අවසන් කිරීමට රුපියල් මිලියන 600ක් වෙන් කර තිබෙනවා. මෙතෙක් ඉඩම් සහතික ලබා නොදුන් පුද්ගලයන්ට ඔවුන්ගේ ඉඩම්වල පූර්ණ අයිතිය සහිත ඉඩම් සහතික නිකුත් කිරීමටත් එම නාගරික කුලී නිවාසවල අයිතිය ඒ ජනතාව වෙතම ලබාදීමටත් යෝජනා කර තිබෙනවා.

රාජ්‍ය ආයතනවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කර ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය ආදායම් සම්බන්ධව කටයුතු කරන ප්‍රධාන ආයතනයක් වන ශ්‍රී ලංකා රේගුවේ සිදුවන වංචාවන් නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා.

:ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-23

Recent Posts

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Prime Marina” ව්‍යාපෘතිය දියත් කෙරේ

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…

18 hours ago

​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ​අද (12) පාර්ලිමේන්තු…

19 hours ago

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

2 weeks ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

2 weeks ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

2 weeks ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

2 weeks ago