විදේශීය

ඊශ්‍රායල් – හමාස් ගින්න අද නිවෙන ලකුණු

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර එකඟතාවයට අනුව දින 4ක් සඳහා වන සටන් විරාමය බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක බව හමාස් සංවිධානය පවසනවා.

හමාස් සංවිධානය විසින් පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම අද (23) නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායලය බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ එකඟතාවයට අනුව හමාස් සංවිධානය රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත අතර ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් එකඟතාවයට අනුව සටන් විරාමය බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක බවට හමාස් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

6 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

6 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago