දේශීය

රටේ දියුණුව ජාතික සමගිය අපේක්ෂා කරනවා නම් එකිනෙකාට චෝදනා කිරීම් නතර කරන්න – ඒක මගෙන්ම පටන් ගන්න – මනුෂ නානායක්කාර

ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට අප සියලු දෙනාම එකට එක්විය යුතු කාලයක් පැමිණ තිබෙන බවත්, රටේ දියුණුව හා ජාතික සමගිය යම් අයෙක් බලාපොරොත්තුවන්නේ නම් එකිනෙකාට චෝදනා කරමින් නොසිට එය තමාගෙන්ම පටන් ගත යුතු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ගාල්ල, මාගාල්ල පුරාණ හජ්ජිවත්ත ඉස්ලාම් දේවස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස නම් කිරීමේ සමාරම්භක උත්සවයට අද (19) පෙරවරුවේ සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඓතිහාසික ඉස්ලාම් දේවස්ථානය පෞරාණික උරුමයක් ලෙස නම් කරමින් ඒ සදහා අවශ්‍ය පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු ආරම්භ කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමේ සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යවරයා දේවස්ථානයේ ඉතිහාසය සදහන් පුවරුවක්ද විවෘත කරනු ලැබුවේය. අදාල පුරාවිද්‍යාත්මක ගවේෂණ කටුයුතු කඩිනමින් අවසන් කරන ලෙසද අමාත්‍යවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

ජාතික සමගිය නම් ඔබ අපේක්ෂා කරන්නේ, ඒක ඔබෙන් පටන් ගන්න. ඔබ අපේක්ෂා කරන්නේ දියුණු රටක් නම් ඔබ ඒක ඔබෙන් පටන් ගන්න. මම මගෙන් පටන් ගන්වා නම් කිසිම දවසක තවත් අයෙක්ට චෝදනා කරමින් සිටීමට අවශ්‍ය වෙන එකක් නැහැ.

අපි එකට එකතු වෙලා ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට එකට එකතු වෙන්න ඕන කාලයක් තමයි දැන් ඇවිත් තියෙන්නේ..

අනෙකා ගැන දැනගැනීම සාමූහික සහජීවනයෙන් යුත් රටක් සදහා පදනමකි. අනෙකා, සොහොයුරෙක්, සොහොයුරියක් ලෙස දකින්න පුලුවන් ජනතාවක් රටක ජීවත් වීම ඒ රටේ සෛවරීත්වයට හා අභිමානයට, ජාතික ආරක්ෂාවට, පිටිවහලක් වෙනවා. ඒ වගේ රටක් ශක්තිමත් රටක් කියලා අපි කියනවා.

පහුගිය කාලයේදී දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන් වගේම ආගමික හා සංස්කෘතික වශයෙන් පවා මිනිස්සු වෙනක් හෙව්වා. විවිධ අය විවිධ සම්ප්‍රදායන් ආගම් ඇතුලට අරගෙන ඇවිත් ඒ වෙනස හොයන්න සමහරු උත්සාහ ගත්තා. සමහරු නව සංස්කෘති ප්‍රවනතාවයන් ඇතුලේ ඒ වෙනස කරන්න උත්සාහ ගත්තා. ඒ අතරේ මිනිස්සු විදියට පාරට බැහැලා, ඡන්දෙ දීලා, අරගල කරලා ඒ වෙනස කරන්න උත්සාහ ගන්නවා අපි දැක්කා.

හැබැයි හැමදාම අපි කළේ උත්සාහ කිරීම හා කට වචනයෙන් වෙනසක් සෙවීම පමණයි. හැම වෙනසක් සදහාම ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. සරලව කල්පනා කරලා බලන්න, ශරීරයේ උවත් වෙනසක් කරන්න නම් ඉරියව්වක් වෙනස් කරන්න වෙනවා.

ඒ වෙනස මගෙන් පටන් ගමු කියලා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ සංකල්පය අපි ආරම්භ කළා.ක්‍රම වෙනසක් සදහා අපි අපිම වෙනස් වෙන්න ඕන.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සදහා අපි ඒ වගකීම් භාරගන්නා විටම, අපි මේ වැඩේ පටන් ගත්තේ මගෙන්. එතෙක් තිබුණ පිළිණුවී ගිය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න මගෙන් පටන් ගන්නවා. මම මගෙන් පටන් ගත්තා. ඒ වගේම ඒ වෙලාවේ වගකීම් භාරගත්ත හැමෝම ඒ අයගෙන් පටන් ගත්තා. ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා. ඒ නිසයි රටක් විදියට අද වන විට නිදහසේ හුස්මක් ගන්න පුලුවන් වෙලා තියෙන්නේ. ගිය අවුරුද්දේ නොවැම්බර්වලට වඩා මේ අවුරුද්දේ නොවැම්බර් වන විට ඔබ නිදහසේ හුස්මක් අරගන්නවා. ඒ ගැන කල්පනා කරලා බලන්න.

මම විශ්වාස කරන, මගේ දර්ශනය මනුෂ්‍යත්වයයි.

අපේ රට වසර 75ක් තිස්සේ තවමත් දුප්පත් රටක් විදියට පවතින්න ලොකුම හේතුවක් බවට පත්වුනේ එක්කෝ ජාතිවාදී කෝලහලක් අතට ගත්ත නිසා. නැතිනම් කණ්ඩායමක් ආයුද අතට ගත්ත නිසා. මිනිස්සු අරගල කරන්න ඕන මනුෂ්‍යයින් හැටියට මිසක් සතුන් හැටියට නෙමෙයි. මිලේඡ්චයින් විදියට නෙමෙයි.

මේ වන විට ඊශ්‍රායල් පලස්තීන අර්බුදයත් එක්කවගේම දේශපාලන වාසි ගැනීම වෙනුවෙන්, ඊශ්‍රායල් පලස්තීන ගැටලුව මුල් කරගෙන ජාතිවාදී කෝලහාලයක් දක්වා ඒක අරගෙන යන්න ඇතැම් පිරිස් උත්සාහ ගත්තා. ඉතිහාසයේ පෙර වැරැද්ද නැවත සිදු නොවන්න මේකට ක්‍රියාව මගෙන් පටන් ගන්නේ කොහොමද කියලා මම කල්පනා කළා. මගේ කල්පනාවේ එක ප්‍රතිඵලයකට තමයි අද අපි මේ සහභාගී වෙලා ඉන්නේ. ඒ සදහා මට මග පෙන්වපු අම්හර් මවුලවිතුමාට ස්තුතිවන්ත වෙනවා.

ඒ විතරක් නෙමෙයි, අපි පටන් ගත්තා, අපිට ඉන්නේ අපි විතරයි කියන ජාතීන් හා සංස්කෘතීන් අතර අනොන්‍ය අවභෝධය ඇති කරගැනීමේ වැඩසටහන. ඒක ඔබ පසුගිය දිනවල දකින්න ඇති.

කච්චුවත්ත පුරාණ දේවස්ථානය කියන්නේ ආගමික ස්ථානයක් විතරක් නොවෙයි කියන එකයි මගේ අදහස. ශ්‍රී ලාංකිකයෝ හැටියට කච්චුවත්ත දේවස්ථානය සමග අපි ලෝකයට කියා පාන්නේ අප තුළ අතීතයේ පටන් පැවති සහජීවනයේ ලෙංගතුකමේ, සංවේදීත්වයේ පෞරාණිකත්වයයි.

ඉතිං මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් අපේ මේ පැරණි ලෙංගතුකම ලෝකයට කියාපෑමට අවශ්‍ය පියවර ගන්න කියලයි. ඒ වගේම එහි සංරක්ෂණ කටයුතු කිරීම වගේම මතු පරපුර වෙනුවෙන් ඒ ඉතිහාසය ආරක්ෂා කරලා දෙන්න කියලයි.

මේ සදහා අප විසින්, මගේ මාධ්‍ය අංශය විසින් එකතු කළ තොරතුරු රැසක් තිබෙනවා. ඒ සියල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරනවා.

සෑම මිනිසෙකුටම අතීතයක්, වර්තමානයක් සහ අනාගතයක් තියෙනවා. ඒ මූල පද්ධති සොයා ගෙන යෑම අවභෝධයෙන් යුත් ජන සහයෝගීත්වයක් සදහා පදනමක් වෙනවා.

මීට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සහභාගී වෙලා ඉන්න සියලු දෙනාගෙන්ම වගේම සජීවීව මේ මොහොත හා සම්බන්ධවී සිටින සියලු දෙනාගෙන් මේ ඓතිහාසික අවස්ථාවේ මම ඉල්ලීමක් කරන්න කැමැතියි. මම මගෙන් පටන් ගත්තා. ඔබ ඔබෙන් පටන් ගන්න. ජාතික සමගිය නම් ඔබ අපේක්ෂා කරන්නේ, ඒක ඔබෙන් පටන් ගන්න. ඔබ අපේක්ෂා කරන්නේ දියුණු රටක් නම් ඔබ ඒක ඔබෙන් පටන් ගන්න. මම මගෙන් පටන් ගන්වා නම් කිසිම දවසක තවත් අයෙක්ට චෝදනා කරමින් සිටීමට අවශ්‍ය වෙන එකක් නැහැ.

චෝදනා කරමින් සිටිමින් වැඩක් නෑ. අපි එකට එකතු වෙලා ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට එකට එකතු වෙන්න ඕන කාලයක් තමයි දැන් ඇවිත් තියෙන්නේ

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

6 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

6 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

6 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

6 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

1 week ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

2 weeks ago