දේශීය

නව විදුලිබල පනත කැබිනට් මණ්ඩලයට

යෝජිත නව විදුලිබල පනත එළඹෙන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ නිළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම, කැබිනට් මණ්ඩල වෙත ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පත, තාක්ෂණික අවශ්‍යතා, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පැවති සාකච්ඡා වල මතුවූ යෝජනා සහ සංවර්ධන නියෝජිත ආයතන වලින් ලැබෙන සහය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබුණා.

එමෙන්ම නව පනතේ යෝජනා කරන සැකසුම් රාමුව ගැන මෙන්ම විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා වේගවත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නීති සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරටත් සාකච්ජා කර තිබෙනවා.

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

2 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

2 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago