Friday, July 24, 2026
Homeදේශීයදියතලාවේ නායයෑමෙන් කොළඹ බදුල්ල දුම්රිය ගල්ගොඩක හිරවූ හැටි

දියතලාවේ නායයෑමෙන් කොළඹ බදුල්ල දුම්රිය ගල්ගොඩක හිරවූ හැටි

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයට දියතලාව හපුතලේ අතර ප්‍රදේශයේ දී ගල් සහිත පස් කන්ඳක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාන්තයට බාධා පැමිණ තිබෙනවා.

මෙහිදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරු මාර්ගයට ගල් සහ පස් පෙරළී ඇති බව නොදැක දුම්රිය ඉදිරියට ධාවනය කර තිබුණා.

එහිදී එන්ජින් දෙකක් සහිත දුම්රියෙහි ඉදිරි එන්ජිමෙහි ගල්ගැටී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව දුම්රිය සිරවීමකට ලක්ව ඇති අතර එම එන්ජිම අදාළ ස්ථානයේ තිබියදී අනෙක් එන්ජිම සහ දුම්රිය මැදිරි ඉවත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.

දුම්රිය මාර්ගයේ බාධක ඉවත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක යි.

file
file
file
file
READ:   නව මහකොමසාරිස්වරු 03 දෙනෙක් සහ තානාපතිවරු 07 දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්