file
වැල්ලම්පිටිය වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කාලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත අදාළ විමර්ශනය කඩිනමින් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ.
කඩාවැටුණු ජල කරාම සහිත තාප්යට යට වී තුවල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවියක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියා.
හත් හැවිරිදි එම සිසුවියේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබීමත් ඒ වෙනුවෙන් කුඩා ළමුන් සහ දෙමාපියන් උපන්දින සැමරුමක් සංවිධානය කර තිබීමත් වඩාත් සංවේදී කාරණයක් වූවා.
මියගිය සෙහන්සාගේ මව රැකියාවක් සඳහා විදෙස්ගතව ඇති අතර පවුලේ එකම දරුවා වන සෙහන්සා නෙත්සරණී හැදී වැඩී තිබුණේ ඇගේ ආච්ච් සහ පුංච් අම්මා ලඟයි.
මෙලෙස අනතුරකට ලක්වූයේ අදාළ අනාරක්ෂිත තාප්පය අසළ දෑත් සේදීමේ යෙදී සිටි පළමු ශ්‍රේණියේ දරුවන් පිරිසක්.
කෙසේ වෙතත් පාසලේ තවත් තාප්පයක් ඇතුළු අනාරක්ෂිත ස්ථාන තිබෙන බව පාසල වෙත ගිය වාර්තාකරුවන් පෙන්වා දෙනවා.
නිරන්තර කුඩා දරුවන් ගැවසෙන ස්ථානවල කලක සිට පවතින මෙවැනි මාරකයන් ගැන වැඩිහිටියන්ගේ වගකියයුත්කන්ගේ සහ බලධාරීන්ගේ ඇස නොගැටීම විමතියට කරුණකි.
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…