file
චීන ජනාධිපති ෂි ජින් පින් ඊයේ (15) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේ දී.
නැගී එන ආතතීන් ලිහිල් කිරීමට චීනය හා අමෙරිකාව අතර හමුදා සන්නිවේදනය යළි ආරම්භ කිරීමට මෙහිදී රාජ්‍ය නායකයින් එකඟ වු බව විදෙස් මාධ්‍ය පවසනවා.
සන්නීවේදනයේ ඌණතාවය අනතුරු සිදුවීමට හේතුවක් බවත් ජනාධිපතිවරුන් දෙදෙනාට දුරකථනය ගෙන දැන් කෙලින්ම කතා කළ හැකි බවත් ජෝ බයිඩන් සාකච්ඡාවෙන් පසු පවසනවා.
චීන ජනපති පවසා ඇත්තේ ප්‍රබල රටවල් තරග කිරීම නූතන යුගයේ හරය නොවන බවයි.
එක් රටක ජයග්‍රාහණය තවත් රටකට හොඳ අවස්ථාවක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ගැටුමක දෙපැත්තටම දරාගත නොහැකි ප්‍රතිවිපාක ඇති බවත් සමානාත්මතාවය ගෞරවය මත රටවල් දෙකේ සන්නිවේදනය තීරණය වන බවත් ඔහු පවසා තිබෙනවා.
චීනය සහ අමෙරිකාව එක්ව කෘතීම බුද්ධිය (AI) අධ්‍යනය කිරීම ඇතුළු ගිවිසුම් කිහිපයකට ද දෙරටෙහි නායකයින් එකඟතාවයන්ට පැමිණ තිබෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…