file
20,000කින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන ලෙස වෘත්තීය සමිති කරන ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වා සිටිනවා.
මීට මාස දෙකකට පමණ පෙර රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට තීරණය කළ බවත් එය පසුව වෘත්තීය සමිති විසින් දැනගෙන අන්තිම සති දෙකේ 20,000ක් ඉල්ලා උද්ඝෝෂන ආරම්භ කළ බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ විශේෂ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
“අපි මාස එක හමාරකට දෙහෙකට ඉස්සෙල්ලා පඩි වැඩි කරන්නත් 10,000 රේන්ජ් එකේ තියලා අන්තිමට 10,000 කරන්නට කියලා තීරණය කළා. ඕක පොඩ්ඩක් භාණ්ඩාගාරයේ අනිත් අය දැනගන්න කොට ඕක පිටවුණා.”
“පිටවුණාම වෘත්තීය සමිති බැලුවා ඉස්සෙල්ලා හිතුවා අපි දෙන්නෑ කියලා.මොකක්වත් දෙන්නෑ කියලා ස්ට්‍රයික් කරන්න හිටියේ.”
“10,000 කිව්වම ඒකයි අන්තිම සති දෙකේ පාරට බැහැලා 20,000 කියලා.”
“ඒච්චරයි සිදුවුණේ වෙන එකක් නෑ එතන.”
“ඔක්කොම දැනගෙන හිටියා 10,000ක් අපි දෙන්ට යනවා කියලා.”
“විශේෂයෙන් පඩි වැඩිකරනවා කියලා මං කිව්වට පස්සේ තමයි 20,000 ඉල්ලන්ට ගියේ.”
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…