දේශීය

BREAKING NEWS: ඇමතිගේ ඩොලර් මිලියන 2කේ ප්‍රකාශයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂණික ප්‍රතිචාර

අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වෙනත් පාර්ශවයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් කරනවා.

එම ආයතනය පෙන්වා දෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළ ආකාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වල මුදල් තෙවැනි පාර්ශවයකට යැවීමට කිසිදු උත්සාහයක් ගෙන නොමැති බවයි.

ක්‍රිකට් ආයතනයට මුදල් ලැබෙන්නේ අමෙරිකානු ඩොලර් වලින් බවත් එම මුදල් විනිමය වෙනස්කම් වල වාසිය ලබා ගැනීමේ අරමුණින් අමෙරිකානු ඩොලර් ගිණුම්වල රඳවා තබන බවත් එම ආයතනය සඳහන් කරනවා.

එසේම පාර්ශවකරුවන්ට සැපයුම්කරුවන්ට ගෙවීට හා එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මුදල් ඩොලර් ගිණුම්වලින් සාමාන්‍යයෙන් රුපියල් වලින් පවත්වා ගෙන යනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන බවත් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එම නිවේදනය පහතින්,

file

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago