Saturday, September 12, 2026
Homeදේශීයසීසාමින් සිටි කුඹුරට අකුණු වෙසින් ආ මාරයා ජීවිතයක් බිලි ගනී

සීසාමින් සිටි කුඹුරට අකුණු වෙසින් ආ මාරයා ජීවිතයක් බිලි ගනී

පවතින අධික වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ගලෙන්බිඳුණුවැව, කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වූ කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඊයේ (05) සවස 4ට පමණ ප්‍රදේශයේ වෙල්යායක සීසාමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අසල සිටි පිරිස විසින් අදාළ පුද්ගලයා ගලෙන්බිඳුණුවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

READ:   ආගමික ස්ථානවල වත්කම් ගැන හොයන්න රජය සැරසෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්