Wednesday, April 15, 2026
Homeදේශීයත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

කහටගස්දිගිලිය පොලිස් වසමේ රත්මල්ගහවැව මාර්ගයේ කි.මි.07 කණුවත් 08 කණුවත් අතරදී ත්‍රීවිල් රථයක් අනතුරකට පත්ව එහි ගමන් කල අයේකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය පවසනවා.

ඊයේ (22) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ රත්මල්ගහවැව ප්‍රාදේශිය රොහලේ සේවයේ නියුතු වයස අවුරුදු 54 ක් වන කාන්තාවක්.

අනතුරකින් බරපතල තුවාල ලැබූ එම කාන්තාව මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි.

මියගිය තැනැත්තීය පුද්ගලික අවශ්‍යතාවයක් සදහා ත්‍රීරෝද රථයෙන් කහටගස්දිගිලිය නගරයට පැමිනමින් සිටියදී රත්මල්ගහවැව මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රීරෝද රථයේ ඉදිරි රෝදය ගැලවී පෙරලීයාමෙන් අනතුර සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලීසිය පරික්ෂණ පවත්වයි.

:ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

READ:   ජල ගැලීම් හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්