Monday, April 13, 2026
Homeක්‍රීඩාප්‍රතිවාදීන් වෙනුවෙන් ඉන්දියාව වෙනත් පන්දුවක් භාවිත කරනවා? - පාකිස්ථාන හිටපු ක්‍රීඩක හසන්...

ප්‍රතිවාදීන් වෙනුවෙන් ඉන්දියාව වෙනත් පන්දුවක් භාවිත කරනවා? – පාකිස්ථාන හිටපු ක්‍රීඩක හසන් රාසා

ඉන්දියාව, ලංකාව ලකුණු 55 කට සුනුවිසුනු කර දැමීම ගැන අදහස් දක්වමින් පාකිස්ථාන ප්‍රවෘත්ති නාලිකාවක් සමග රාසා මේ බව කියා තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේදී අනෙකුත් කණ්ඩායම්වලට වඩා හොඳින් පන්දු යැවීමට ඉන්දියාවට වෙනස් පන්දුවක් ලබා දෙන බවයි ඔහු කියන්නේ.

“මොහොමඩ් ෂාමි සහ මොහොමඩ් සිරාජ්ගේ පන්දු යැවීම දෙස බලන විට දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ් සහ මකායා නිටිනි වැනි ක්‍රීඩකයින් එරටදී පන්දු යැවූ ආකාරය සිහිපත් වනවා.

පන්දුව එක් පැත්තක් දිලිසෙන අතර අනෙක් පැත්ත රළුයි. එය රිවර්ස් සහ දෝලනය වීමට ඉඩ සලසනවා. එහෙත් මට හැඟෙන්නේ මෙහිදී පන්දුව හැසිරෙන ආකාරය අනුව ඉනිම මැදදී වෙනසක් වන බවයි.

ඉන්දියාවට අමතර ඔප දැමීමේ තට්ටුවක් සහිත පන්දුවක් ලැබෙන අතර එමගින් ඔවුන්ට අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව පන්දුව දෝලනය කිරීමට සහ හැරවීමට ඉඩ සැලසෙනවා. මෙම අමතර පොලිෂ් තට්ටුව හෝ ආලේපනය පරීක්ෂා කළ යුතු බව මගේ අදහසයි.

පන්දු ලබා දෙන්නේ ICC, විනිසුරු මඩුල්ල, හෝ BCCI වුවද ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”

හසන් රාසා හෙළිකරන මේ කරුණ ගැන අපද සොයා බැලීම වටී.

සටහන උපුටා ගැනීම – මහින්ද රූබසිංහ

Original article

https://wisden.com/series-stories/cricket-world-cup-2023/former-pakistan-player-claims-world-cup-balls-are-being-changed-mid-innings-to-help-india?fbclid=IwAR0r6kvrlmKncbkJkdFZycb0A0S-5u-grDIgy-O7q1WME_yILSmXpZ9B5yc

READ:   යුද හමුදා බස් රථයක ගැටී දැරියක් මියයයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්