ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 357ක් රැස් කළා.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Shubman Gill පන්දු 92කින් ලකුණු 92ක් රැස් කළා.
ඊට හතරේ පහර 11 සහ හයේ පහර 2ක් ද ඇතුළත්.
Virat Kohli ලකුණු 88 (94)ක් ලබා සිටියදී දැවී ගියා. කෝලිගේ ඉනිම හතරේ පහර 11කින් වරණවත් වුණා.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Shreyas Iyer පන්දු 56 කින් ලකුණු 82ක් ලබා ගත්තා.
අගනා පන්දු යැවීමක නිරත වූ දිල්ශාන් මධුසංක ඉන්දීය කඩුලු 05ක් බිඳ දැමුවා.
Rohit Sharma, Shubman Gill, Virat Kohli ඇතුළු ඉන්දීය ඉනිමේ ප්‍රබල කඩුලු 05ක් ඊට අයත්.
ඒත් සමග කඩලු 18ක් ලබා ගනිමින් දිල්ශාන් මධුසංක තරගාවලියේ වැඩිම කඩුලු ලභියා බවට ද පත්වුණා.


