අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ තුලානයේ රිටිගල වනජීවී කලාපයට අයත් කන්නිමඩුව ප්‍රදේශයට 29 රාත්‍රීකාලයේ ගම්මානයට කඩාවැදුණු වන අලි රංචුවක් විසින් කන්නිමඩුව ප්‍රදේශයේ ගොවියන් වගාකළ තිබූ ගොඩ බෝග රැසක් සහ ස්ථීර බෝ රැසක් මෙම වන අලි විසින් විනාශ කර දමා තිබෙනවා කොසෙල්,අඹ,මඤ්ඤොක්කා,පොල්,වට්ටක්කා,මිරිස්, වැනි වගාවන් හා ගොඩබෝග වගා රැසක් මෙම වන අලි විසින් විනාශ කර දමා තිබෙනවා.
මෙම ප්‍රදේශයේ ජනතාව පවසන ආකාරයට හුරුළුවැව රක්ෂිතයේ සිට සහ මානන්කට්ටිය රක්ෂිතය දෙසින් ඊයේ රාත්‍රී කාලයේදී සහ අලුයම් කාලයේදී මෙම වන අලි රක්ෂිතයේ සිට පැමිණ මෙම ගොවිජනතාව ඉතාමත්ම අමාරුවෙන් වගාකළ මෙම වගාවන් විනාශ කර දමා යන බව ඔවුන් පවසනවා.
තවද අප මේ පිළිබදව සොයාබැලීමට යාමේදී මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකන්නය වෙනුවෙන් ගොවීන් මේ වන විට වගාකිරීමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.එලෙස මෙවර මහකන්නය වෙනුවෙන් වී වගාකළා වී වගාබිම්වලටද මෙම වන අලි රංචුව එම වගා භූමි මේ වන විට විනාශ කර ඇති ආකාරය එහි ගිය අපට දැකගත හැකි වුණා.
ආර්ථික අතින් සියලු දෙනාම දැඩි පීඩාවකට පත්ව සිටින සමයක මෙම ගම්මානවල ගොවිජනතාව පෙන්වා දෙන්නේ අත කන උකසට තබා රජය හා රාජය නොවන මුල්‍ය අයතන මගින් උගසට හෝ ණය ට මුදල් ලබාගෙන සිදු කරනු ලබන මෙවැනි වගාවන් තම ප්‍රධාන ආදායම් මාර්ගය වීමත් වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් තමන්ට නොමැති වීමෙන් නොමැති බවත් මෙවැනි වගාවන් වලින් උපයන ධනය තම දෛනික ජීවිතය ගැවා දැමීමට භාවිතා කළ බවත් මෙලෙස දිනෙන් දින වනා අලි වගාවන් විනාශ කිරීම හේතුවෙනි මින් ඉදිරියට ආදායම් මාර්ග නොමැතිව තම දෛනික ජීවිතය ගෙවා දැමීමට නොහැකි තරමින් අසරණ තාවයට පත් ව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර ගොවින් පෙන්වා දෙන්නේ වෙළෙඳ පොල තුල කෘෂි රසායනික යහමින් නොමැති පසු බීමක් තුල අධික මුදල් යොදවමින් අව්ව වැස්ස නොතකා රැයක් දහවලක් නොමැතිව දරන වෙහෙසෙහි ප්‍රතිඵල ඉතා ඉක්මනින්ම වතුරේ යන බවයි.
දිනෙන් දින අලි මිනිස් ගැටුම උග්‍ර වීම හේතුවෙන් පීඩාවෙන් පීඩාවට පත් මෙම ප්‍රදේශ වල ජනතාව මීට වගකිවයුතු බළදාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම වන අලි ගැටලුව සම්බන්ධව විසදුමක් ලබාදෙන ලෙසයි.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…