දේශීය

ශ්‍රී ලංකා පන්දුයවන්නන් එංගලන්තය අසරණ කරයි..

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි.

පන්දුවට පහරදීමේදී Ben Stroke පන්දු 73කින් ලකුණු 43ක් රැස් කළා.

Jonny Bairstow ලකුණු 30(31)යි.

Dawid Malan පන්දු 25කින් ලකුණු 28ක් ලබා ගත්තා.

ආරම්භය සිටම තරගය තමන් වෙත නතු කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණේ පන්දු ඕවර 20 වන විට එංගලන්ත ඉනිමේ මුල් කඩුලු 05ම බිඳ දමමින්.

අගනා පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර කඩුලු 03ක් දවා ගත්තා.

කසුන් රාජිත හා ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago