දේශීය

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය ලබයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 49යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළා.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ Sybrand Engelbert ලකුණු 70(82)ක් සහ Lorgan Van Beek පන්දු 75කින් ලකුණු 59ක් වශයෙන් රැස් කළා.

පන්දු යැවීමේදී දිල්ශාන් මධුසංක සහ කසුන් රාජිත කඩුලු 4 බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් තුළ ලකුණු 263ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 91 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහණය කරා ගෙන ගියා.

පැතුම් නිස්සංක ලකුණු 54 (52) ක් , චරිත් අසලංක ලකුණු 44 (66) ක් වශයෙන් රැස් කළා.

ධනංජය ද සිල්වා ලකුණු 30 (37) යි.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

20 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

20 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago