දේශීය

චැනල් ෆෝ චෝදනා විමර්ශනයට විශේෂ කාරක සභාවක් පත්කරන්නැයි යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙනවා.

ඒ අද උදෑසන 9.30ට යි.

චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලකරන චෝදනාව විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන්නැයි වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන බවයි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ සඳහන් වන්නේ.

මේ අතර ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ සැප්තැම්බර් 22වනදා එම කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

10 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

10 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago