ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව ඇතුළු හදිසි අවශ්‍යතා සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
රජයේ ප්‍රවෘති අංශය සඳහන් කළේ, ඊශ්‍රායලයේ රැකියාවල නියුතු හෝ වෙනත් කරුණක් වෙනුවෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට තම ජීවිත පිළිබඳ අවධානමක් මතුව ඇත්නම් ඒ සම්බන්ධව හෝ වෙනත් දුෂ්කරතා කිසිවක් ඇත්නම් ඒ ගැන සෘජුව මෙරට බලධාරීන් දැනුවත් කිරීමට පහසුකම් සලසා ඇති බවයි.
ඒ අනුව (+94) 117966396 යන දුරකථන අංකය, (+94) 767463391 යන WhatsApp අංකය හෝ opscenga@gmail.com යන Email ලිපිනය හරහා සිය අවශ්‍යතා ඉදිරිපත් කිරීමේ හෝ අවශ්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව පවතිනවා.
පිළිගත් ආගමන විගමන පටිපාටිය ඔස්සේ මෙන්ම වෙනත් කවර හෝ ක්‍රමයක් ඔස්සේ ඊශ්‍රායලයේ රැඳී සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයකු හට මෙම සේවාව ලබා ගැනීමට හැකියාව තිබෙන බව රජය අවධාරණය කර සිටිනවා.


