දේශීය

රාජ්‍ය සේවකයින්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්!

මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පියවර ගන්නා බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සඳහා ජනතාවගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..

“අද වන විට සමාජය චෝදනා එල්ල කරන්නේ මහජන නියෝජිතයන්ට පමණයි. නමුත් රට ඉදිරියට ගෙන යෑමේදී ජනතාව රාජ්‍ය ආයතනවලින් ද ප්‍රශස්ත සේවාවක් බලාපොරොත්තු වෙනවා. එම ආයතන මගින් සිදුවිය යුතු සේවාවන් සිදු නොවීම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට චෝදනා එල්ල කිරීම ප්‍රතිඵලදායක නැහැ. ඊට එහා ගිය වැඩපිළිවෙළක් තුළින් රාජ්‍ය ආයතන ජනතාවට වඩාත් සමීප කරවිය යුතුයි.”

“තවද මුදල් කොමිෂන් සභාව හරහා පළාත් සභාවලට මුදල් ලබාදීමේදී යම් නියාමනයක් සිදුවිය යුතුයි. ඒ සම්බන්ධව යම් නියාමන ක්‍රමවේද භාවිත කළ යුතු බව කාරක සභාව හරහා නිර්දේශ ලබාදී තිබෙනවා.”

“එසේම පොලිස් දෙපාර්තමේන්තුව සිය රාජකාරිය නිසියාකාරව සිදු කරනවා ද කියන කාරණය සම්බන්ධවත් සොයා බැලීමක් සිදු කළා. රටේ අපරාධ වැළැක්වීමටත්, මත්ද්‍රව්‍ය රට තුළට ඒම වැළැක්වීමටත් අවශ්‍ය පියවර සහ ක්‍රමවේද ගැනත් සාකච්ඡාවට ලක් වුණා.”

“සියලු පාර්ශවයන්ගේ අදහස් සහිතව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කමිටුව තීරණය කර තිබෙනවා. මෙහිදී රටේ වගකිව යුතු රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමටත්, ජනතාවට වගවීමත් අරමුණු කරගෙන කටයුතු කිරීමට සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමට මෙම මාර්ගෝපදේශ මාලාව වැදගත් වනු ඇතැයි විශ්වාස කරනවා.”

“මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කරනු ලබන්නේ ජනාධිපති ලේකම් ප්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විද්වතුන්, ජනතාවගේත් අදහස් ලබාගෙනයි. මේ සමඟ සියලු පාර්ශ්ව තම වගවීම පිළිබඳව අවබෝධයක් ඇතිව වැඩ රාජකාරි සිදුකළ කළ යුතුයි. එසේ නොමැතිව දේශපාලනඥයන්ට පමණක් චෝදනා කළ පමණින් තුළින් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ.”

Recent Posts

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

4 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

5 hours ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

7 hours ago

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…

9 hours ago

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

4 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

4 days ago