දේශීය

සීතා ඇතින්නට වෙඩි තබා තිබෙන්නේ ජීව උණ්ඩ වලින් බව හෙළිවෙයි

සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ භාවිත කරමින් බව හෙළිව තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කළේ සිදුකළ ස්කෑන් පරික්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.

සීතා ඇතින්න ඊයේ (03) ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබුණා.

මහියංගණය පෙරහැරට පැමිණ බැඳ සිටි හීලෑ සීතා ඇතින්නට වනජීවි දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියෙකු විසින් පසුගියදා වෙඩි තබා තිබුණා.

වන අලියෙකු යැයි සිතා වෙඩි තැබීම සිදු කළ බව ඔහු පවසා තිබුණා.

ඒ වන විට වාර්තා වුණේ, එය රබර් උණ්ඩ භාවිත කර සිදු කළ වෙඩි තැබීමක් බවයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇතින්න මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

අදාළ සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප මත නිදහස් කර තිබුණා.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

24 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago