file
සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ භාවිත කරමින් බව හෙළිව තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කළේ සිදුකළ ස්කෑන් පරික්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.
සීතා ඇතින්න ඊයේ (03) ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබුණා.
මහියංගණය පෙරහැරට පැමිණ බැඳ සිටි හීලෑ සීතා ඇතින්නට වනජීවි දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියෙකු විසින් පසුගියදා වෙඩි තබා තිබුණා.
වන අලියෙකු යැයි සිතා වෙඩි තැබීම සිදු කළ බව ඔහු පවසා තිබුණා.
ඒ වන විට වාර්තා වුණේ, එය රබර් උණ්ඩ භාවිත කර සිදු කළ වෙඩි තැබීමක් බවයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇතින්න මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.
අදාළ සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප මත නිදහස් කර තිබුණා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…