Monday, April 13, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය හමුවේ අමිහිරි පරාජයක් ලබයි

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය හමුවේ අමිහිරි පරාජයක් ලබයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන පුහුණු තරගයේ පරාජය ද උරුම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා.

ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ.

දෙවන පුහුණු තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 294ක් රැස් කළා.

එහිදි කුසල් මෙන්ඩිස් පන්දු 87කින් ලකුණු 158ක් රැස් කළා.

සදීර සමරවික්‍රම ලකුණු 39යි. පැතුම් නිස්සංක ලකුණු 30යි.

පන්දු යැමේදී මොහොමඩ් නබී කඩුලු 04ක් බිඳ දැමුවා.

වර්ෂාව හේතුවෙන් ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 42ක් තුළ ලකුණු 257ක ඉලක්කයක් ලබා දීමට විනිසුරුවන් කටයුතු කළා.

පන්දුවාර 38.පන්දු 1 තුළ ලකුණු 261ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්ථානය එම ඉලක්කය පසුකර ගියා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Rahmanullah Gurbaz පන්දු 92ක් තුළ ලකුණු 119ක් රැස් කළා.

Rahmat Shah ලකුණු 83 (82) යි.

READ:   හිටපු ඇමති නිශාන්ත මුතුහෙට්ටි යළි රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්