Friday, September 11, 2026
Homeදේශීයමාර්ගගත පනත් කෙටුම්පතට ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමෙන් රතු එළියක්

මාර්ගගත පනත් කෙටුම්පතට ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමෙන් රතු එළියක්

යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම නිවේදනයක් කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත් නිදහස් අදහස් ප්‍රකාශනයට සහ තොරතුරු දැනගැනීමේ අයිතියට මරු පහරක් එල්ලවන බවයි එම කොමිසම පවසන්නේ.

රටේ පවතින මානව හිමිකම් අඩපන කිරීමට පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති හේතුව වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ පිළිබඳ දැඩිව අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   BREAKING NEWS: ආසියානු කුසලානය අස්සේ ගෑස් මිලත් උඩ ගිහින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්