දේශීය

චන්දිමාල්ගේ විශිෂ්ට පරිත්‍යාගය.

ලංකාවේ ක්‍රීඩකයන් අතර ඉහළම ආදායමක් උපයන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් ය.

ඔවුන් උපයන්නේ ඩොලර් වලිනි. ගමන් බිමන් යන්නේ අධි සුඛෝපභෝගී වාහන වලිනි.

මෙයට කිසිවකු ඉරිසියා කළ යුතු නැත.

ඒ එවැනි ඉපයීමකට කුඩා අවදියේ සිටම ඔවුන් විශාල කැප කිරීමක් කරන නිසාය.

එහෙත් ලංකාව නියෝජනය කළ හා කරන ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් කී දෙනෙක් පෙරළා තමන් ක්‍රිකට් අත්පොත තැබූ පාසලට එසේත් නැත්නම් සමාජයට යමක් කරනු ඔබ දැක තිබේද? කනගාටුවට කරුණ නම් එවැන්නන් දැකිය හැක්කේ ඉතාමත් අල්ප වශයෙනි.

file

ඔක්තෝබර් පළවෙනිදා අම්බලන්ගොඩ ධර්මාශෝකයේ ගෘහස්ථ ක්‍රිකට් පුහුණුවට වෙන් වූ ක්‍රීඩාගාරයක් විවෘත කෙරේ.

මෙතෙක් ඉහළ පෙළේ පාසල් වන ශා.තෝමස්,රාජකීය, ශා.ජෝශප්, ත්‍රිත්ව වැනි පාසල් කිහිපයකට පමණක් සීමාව තිබූ මෙවැනි පහසුකමක් ධර්මාශෝකය වැනි පිට පළාත් පාසලකටත් ලැබීම විශේෂ සිද්ධියකි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුවන්නට ක්‍රිකට් ආයතනයටවත් තමන්ගේම කියා ගෘහස්ථ ක්‍රීඩාගාරයක් නොවන පසුබිමක මෙම ව්‍යාපෘතිය වඩාත් වැදගත් වේ.

මෙහි විශේෂත්වය වනුයේ මෙය ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ ධන පරිත්‍යාගයෙන් තමන් ක්‍රිකට් දිවිය ආරම්භ කළ පාසලට ලැබීමයි.හරිනම් ලෝක කුසලාන කණ්ඩායම සමග ඉන්දියාවේ සිටිය යුතු චන්දිමාල් අම්බලන්ගොඩදී මෙම ගොඩනැගිල්ල පාසලට පරිත්‍යාග කිරීමේ කටයුත්තේ යෙදෙයි.

පුහුණු පථ දෙකකින් සමන්විත මෙම ක්‍රීඩාගාරය සඳහා චන්දිමාල් වැය කොට ඇති මුදල රුපියල් දෙකෝටියකට වැඩිය.

ඒ ඔහුට අවශ්‍ය නම් වෙනත් ක්‍රීඩකයන් මෙන් තව සුඛෝපභෝගී මෝටර් රථයක් මිළදී ගත හැකිව තිබුණු මුදලකි.

file

මගේ දැනුමේ හැටියට තමන් ඉගෙන ගත් පාසලට තම පෞද්ගලික ධනයෙන් මෙතරම් ආධාරයක් ,පරිත්‍යාගයක් කළ වෙනත් ක්‍රීඩකයකු නොවන තරම් ය.

බොහෝ ක්‍රීඩකයන් තමන් ක්‍රිකට් අත්පොත තැබූ පාසල පැත්ත පළාතකටවත් නොයන කලෙක, වත්මන් ක්‍රීඩකයකුට පිත්තක් හෝ නොදෙන කලෙක, දිනේෂ් චන්දිමාල්ගේ මෙම පරිත්‍යාගය වඩාත් කැපී පෙනේ.කාටත් ආදර්ශයකි.

දින 40 කටත් වඩා අඩු කලෙකින් ඉදි කෙරුණු මෙම ක්‍රීඩාගාරය ධර්මාශෝකයට පමණක් නොව පළාතේ දේවානන්ද හා කුලරත්න යන විදුහල්වල ක්‍රීඩකයන්ටද පුහුණුව සඳහා ලබා දීම සිදු කෙරෙනුයේ චන්දිමාල්ගේ ඉල්ලීමක් අනුවය.

මෙහි ඉදිකිරීම් කෙට් කලෙකින් සිදු කෙරුණේ යුද හමුදා ඉංජිනේරු බලකායේ මෙහෙයවීමෙනි. විශ්‍රාමික මේජර් ජනරාල් ආදි සිසු බිමල් විදානගේ හා චන්දිමාල්ගේ ධර්මාශෝක පුහුණුකරු ජී. අසෝකගේ අධීක්ෂණයෙනි.

මිනිස්සු උපයති. ඉතුරු කරති කති.බොති.අඳිති.

එහෙත් යන විට ඒ කිසිවක් රැගෙන නොයති.

ගෙනියන්නේ කරන හොඳ වැඩ පමණි.

ක්‍රීඩකයන්ගේ ලකුණු ,කඩුළු වලට, අත්පොළසන් දෙද්දී විනය කැඩූ ක්‍රීඩකයන්ට මාධ්‍යයේ වැඩි ඉඩක් දෙද්දී නූතන සමාජ ක්‍රමය තුළ මෙවන් කටයුත්තකට ලැබෙන ප්‍රතිචාරය බලා සිටීම වටී.

( ක්‍රීඩාගාරයේ අවසන් නිමැවුම් කටයුතු බලන්නට චන්දිමාල් සමග මා ඊයේ එහි ගිය මොහොතේ ගත් සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ.මාද ධර්මාශෝකයේ දෙමසක ආදි සිසුවකු බව චන්දිමාල් දැන ගත්තේ ඊයේය)

Dinesh Chandimal lokuge. Isika Jayasekara Lokuge Bimal Widanage Asoka Gange Sarath Asoka Mahinda Deshapriya Louie Karunaratne

සටහන : T20 NEWS සමාජ මාධ්‍යයෙන් (උපුටා ගැනීම)

file
file
file
file

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

17 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago