Monday, September 14, 2026
Homeදේශීයආයේ පක්ෂෙට එනවනම් අනං මනං වැඩ බෑ!! මෛත්‍රීගෙන් දයාසිරි ට කොන්දේසි

ආයේ පක්ෂෙට එනවනම් අනං මනං වැඩ බෑ!! මෛත්‍රීගෙන් දයාසිරි ට කොන්දේසි

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරියාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පක්ෂයේ මහ ලේකම් තනතුර හැර ඕනෑම තනතුරක් සඳහා ඔහුට යළි පත්විය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම ට දයාසිරි මහතා පක්ෂය සමඟ සාකච්ඡා කර එකඟත්වයකට පැමිණිය යුතු බව ඔහු මහතා පෙන්වා දෙනවා.

ඒ සඳහා දයාසිරි මහතා කරන අනං මනං වැඩ නවත්වා පැමිණිය යුතු බවයි සිරිසේන මහතා පැවසුවේ.

දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරිසේන මහතා මේ බව පැවසුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය දයාසිරි ජයසේකර මහතාට තහනම් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණා.

ඒ බව ඔහු ලිපියක් මගින් දන්වා සිටියා.

එම තීරණයට අනුව දයාසිරි ජයසේකර මහතාට පක්ෂයේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීමට අවස්ථාව නැති බවද ලිපියෙහි සඳහන් වුණා.

මන්ත්‍රීවරයා ට එරෙහිව විනය පරික්ෂණයක් ද පැවැත්වෙන බවයි ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් තමන්ට ලබා දී ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥයකු මාර්ගයෙන් දයාසිරි ජයසේකර මහතා අද අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරිම ට නියමිත බව වාර්තා වෙනවා.

READ:   කුඩාම මිනිසාටත් රටේ ජනාධිපති වීමට ඉඩ හැදී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නිසයි - ඇමති මනූෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්