Monday, April 20, 2026
Homeදේශීයඅම්මත් පුතාත් එකට අවසන් ගමන් යැවූ බයික් අනතුර

අම්මත් පුතාත් එකට අවසන් ගමන් යැවූ බයික් අනතුර

මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ ජාඇල මාර්ගයේ අඹගහවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් කන්ටේනර් රථයක ගැටී මාර්ගයේ ඇද වැටී විසිව යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (01) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් මව සහ පුතා ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ මැඩෑමුල්ල, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් සහ ඇයගේ 15 හැවිරිදි පුතායි.

මිනුවන්ගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක් පසුකර යෑමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් වෑන් රථයක් පැමිණීම හේතුවෙන් යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලටත් ඉන්පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලටත් ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසනවා.

READ:   අඩු වූ ගෑස් මිල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්