දේශීය

මේ දවස්වල කතාවෙන “මෙනින්ගොකොකල්” ගැන දැනුවත්ද?

මේ දිනවල බොහෝ අය අතර කතාබහට ලක්වී තිබෙන මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස්, නැතිනම් මෙනින්ගොකොකල් මෙනින්ජි පටල ප්‍රදාහය නමින් හඳුන්වන රෝගය එතරම් සුලබ නොවෙන නමුත් නිසි ප්‍රතිකාර නොලැබුනහොත් දරුණු සංකූලතා හටගැනීමේ අවදානම ඇති ආසාදන තත්වයක්.

බැක්ටීරියාවක් මගින් ඇතිකරන මේ නිසා හටගත් වසංගත තත්වයක් ගැන මුලින්ම වාර්තා වෙන්නේ 1805 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා ආශ්‍රිතවයි.

රෝගයට වගකිවයුතු මෙනින්ගොකොකස් (Neisseria meningitidis) බැක්ටීරියාව හඳුනාගැනෙන්නේ 1887 දී. මෙහි උප ප්‍රබේධ A, B, C සහ W135 ලෙස ප්‍රධාන කාණ්ඩ 4 කට වර්ග කර තිබෙනවා.

සාමාන්‍යයෙන් සුලබව රෝගීන් වාර්තා නොවුනත් මෙය අප අවටම පැතිර පවත්නා බැක්ටීරියාවක් වන අතර මිනිස් ජනගහනයෙන් යම් ආසාදිතයින් ප්‍රතිශතයක් මේ බැක්ටීරියාව සහිතව රෝග ලක්ෂණ නොපෙන්වා ජීවත් වෙනවා.

දැනට ඇති විද්‍යාත්මක තොරතුරුවලට අනුව වෙනත් සතෙකු තුල හෝ බාහිර පරිසරයේ සජිවීව පැවතීමේ හැකියාව මෙම රෝගකාරකයට නැහැ.

රෝගය බෝවීම සිදුවන්නේ මෙනින්ගොකොකල් ආසාදිතයෙකුගේ ශ්වසන බිඳිති නිරෝගී අයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුලු වීමෙන්. කැස්ස සහ කිවිසුම් යැවීමේ දී මෙම බිඳිති විශාල වශයෙන් පිටවීම සිදු වෙනවා. ආසාදනය වීමට නම් සමීපව සහ දිගු වෙලාවක් නිරාවරණය වීම සිදු විය යුතු අතර බැක්ටීරියාව සිරුරට ඇතුලු වූ පමණින්ම සියලුම දෙනා රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. එමෙන්ම එකිනෙකාට සමීපව ජීවත්වන පිරිස් අතර මේ රෝගය බෝවීම සාපේක්ෂව වේගවත් බව නිරීක්ෂණය කරන්නට පුලුවන්.

මෙයට අමතරව දුම් පානය කරන්නන් සහ ශ්වසන මාර්ගයේ වෙනත් ආසාදන ඇති පුද්ගලයින් අතර වැඩි වේගයකින් රෝගය පැතිර යන බව හඳුනාගෙන තිබෙනවා.

රෝගය ආසාදනය වෙන පිරිසෙන් වැඩි දෙනා රෝග ලක්ෂණ නොපෙන්වා මෙනින්ගොකොකල් ධාරකයින් බවට පත් වුනත් සුලු ප්‍රතිශතයකගේ ශ්වසන ශෙලේෂ්මල පටල හරහා මෙම බැක්ටීරියාව රුධිරයට ඇතුල් වෙනවා. ඔවුන් රෝග ලක්ෂණ පෙන්වන්නට ආසාදනය වූ දින සිට සාමාන්‍යෙන් දින හතරක් පමණ (දින 2 – 10) කාලයක් ගත වෙනවා.

සුලබ රෝග ලක්ෂණ ලෙස බෙල්ලේ තද ගතිය, දැඩි උණ, ආලෝකය දෙස බැලීමේ අපහසුතාවය, සිහි මඳගතිය, හිසරදය මෙන්ම වමනය දැකිය හැකියි. ඇතැම් අයට සමෙහි රතු පැහැ පැල්ලම් ද හටගැනෙනවා. මෙම රෝග ලක්ෂණ ඇරඹී දින 1 -2 වැනි ඉතා කෙටිකාලයකින් අසාධ්‍ය වීම සිදු වෙනවා. එනමුත් නිසි ප්‍රතිකාර කඩිනමින් ලබා දීමෙන් මාරාන්තික සංකූලතාවයන් වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙම බැක්ටීරියාව විනාශ කල හැකි ප්‍රතිජීවක රැසක් පවතින නිසා මුල් අවස්ථාවේ රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මරණ සහ සංකූලතා වළක්වාගැනීමට ඉතාම වැදගත්. එමෙන්ම ආශ්‍රිතයින් හඳුනාගෙන රෝගය වැළඳීමේ අවදානම අඩු කිරීමේ ඖෂධ ලබා දීමේ හැකියාවත් පවතිනවා. හඳුනාගත් අධි අවධානම් කාණ්ඩ සඳහා රෝගය වලක්වන එන්නත් ලබාදීම සිදුවෙනවා .

මුල් අවස්ථාවේ මෙම රෝගය සුලබ වෛරස් ශ්වසන ආසාදයකින් වෙන්කර හඳුනාගැනීම අපහසු වන්නට පුලුවන්.

ඉහත කී රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට ඇත්නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්.

මේ දැනුවත්භාවය , කලබල නොවී නිසි පියවර තුලින් ඔබටත් ඔබගේ සමීපතමයන්ටත් ආරක්ෂාව සළසා ගැනීමට උපකාරී වෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

Recent Posts

බස්නාහිර සීග්‍රයෙන් ඩෙංගු වැඩිවෙනවා,ඩෙංගු වළක්වාගන්න මහජනතාවගේ තාම කිසිම සූදානමක් නෑ.-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති

බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…

16 hours ago

දරුවන් ලෙඩ කරන කෙටි කෑමට සහ පැණි බීමට තහ­න­මක්

පාසල් දරු­වන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාල­නය සඳහා ‘සෞඛ්‍ය­වත් පාසල් ආප­න­ශාලා මාර්ගෝ­ප­දේ­ශය’ නිල වශ­යෙන්…

17 hours ago

ඔබත් ඔබේ පවුලේ අයත් ඩෙංගු අනතුරේද? වහාම ක්‍රියාත්මක වන්න!

රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක්…

17 hours ago

ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සේවාවන්ට දැවැන්ත තාක්ෂණික අත්වැලක්:මිලියන 1950ක වියදමකින් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11 ක් රෝහල් පද්ධතියට.

කළුතර සහ කුරුණෑගල යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන්. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින්…

17 hours ago

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තුන්දෙනෙකුට අධිචෝදනා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…

4 days ago

හොරණ තක්ෂිලාවට වසර 80යි – ‘Ultimate 80’ දැවැන්ත සැමරුම් සහ ප්‍රදර්ශන මාලාවක්

හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…

4 days ago