Monday, July 27, 2026
Homeදේශීයවර්ජනයේ නිරත දුම්රිය විදුලි කාර්මිකයින් සහ බලධාරීන් අතර සාකච්ඡාවක්

වර්ජනයේ නිරත දුම්රිය විදුලි කාර්මිකයින් සහ බලධාරීන් අතර සාකච්ඡාවක්

වැඩ වර්ජනයක නිරත දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් හා දුම්රිය බලධාරීන් අතර සාකච්ඡාවක් අද (25) පෙරවරුවේ පැවැත්වෙන බව වාර්තා වෙනවා.

උප නියාමකවරයෙකු සහ දුම්රිය විදුලි කාර්මික ශිල්පියෙකු අතර ඇතිවූ ගැටුමකින් පසු මෙම වර්ජනය ඇරඹුණේ විදුලි කාර්මික ශිල්පියා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විරෝධය පළ කරමින්.

මේ හේතුවෙන් ඊයේ සහ පෙරේදා දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කළ අතර දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්වුණා.

මේ අතර වර්ජනය හේතුවෙන් දුම්රිය මැදිරිවල විදුලි පරිපථ නඩත්තු කටයුතු ඇණ හිට ඇති බවයි වාර්තා වුණේ.

READ:   UPDATE: බෙහෙතක් විද්දට පස්සේ දරුවා නිල් පාට වුණා - මියගිය තරුණියගේ මව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්