file
මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.
එම කාරක සභාව අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
මෙහිදී මෙම කමිටුවේ සභාපති ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කොට ඇති බවයි.
මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කැඳවා තිබූ අතර මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මෙම අංශ ගෙන ඇති පියවර පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.
එසේම මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කර ඇත්තේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම නැවැත්වීමට විශාල වශයෙන් පියවර ගෙන ඇති බවයි.
ඒ වෙනුවෙන් අසල්වැසි රටවල බුද්ධි අංශවල ද සහය ලබාගන්නා බව ඔවුන් පවසා තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…