Wednesday, July 22, 2026
Homeදේශීයවස දී සතුන් මරණ අය ගැන කියන්න ක්ෂණික ඇමතුම් අංකයක්

වස දී සතුන් මරණ අය ගැන කියන්න ක්ෂණික ඇමතුම් අංකයක්

වස දී වන සතුන් ඝාතනය කරන අය ගැන දැනුම්දීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

එම පුද්ගලයන් ගැන තොරතුරු – 1992 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආරක්ෂක අංශ ඉල්ලීමක් කරනවා.

සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව නියගය නිසා ඉතිරි දිය පහරවල් සොයා පැමිණෙන වන සතුන් බොන වතුරට වස මිශ්‍ර කර සතුන් ඝාතනය කෙරෙන ජාවාරමක් ගැන තොරතුරු පසුගිය දා වාර්තා වුණා.

මෙලෙස ඝාතනය කෙරෙන සතුන්ගේ මස් දඩ මස් ලෙස පොලොන්නරුව, හම්බන්තොට, කතරගම වැනි ප්‍රදේශ රැසක දී අලෙවි කරන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මෙම මස් අනුභව කිරීමෙන් ක්ෂණික මරණය හෝ බරපතළ රෝගාබාධ ඇතිවිය හැකි බැවින් නොදන්නා ප්‍රදේශවලට ගොස් දඩමස් ආහාරයට නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

READ:   සන්නද්ධ ගැටුම්වලින් මියගිය සියලුදෙනා සිහිකිරීමට නව ස්මාරකයක් ඉදි කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්