ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තෙවන තරගය බී – ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර අද පැවැත්වෙනවා.
තරගය අද රාත්‍රී 7.30ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ට සුදුසුකම් ලබා ගන්නවා.
දැනටමත් දඹුල්ල ඕරා කණ්ඩායම අවසන් මහා තරගය ට සුදුසුකම් ලබා සිටිනවා.
ඒ අනුව අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම දඹුල්ල ඕරා කණ්ඩායම සමඟ හෙට (20) අවසන් මහා තරගයේ ක්‍රීඩා කිරීමට නියමිතයි.


