දේශීය

හෝමාගම කාර්මාන්ත පුරයේ හදිසි ගින්න ගැන අනාවරණයක්

හෝමාගම කටුවන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ (17) රාත්‍රියේ හදිසි ගින්නක් හටගත්තා.

ඒ ජල පිරිපහදුව සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය හා තවත් රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා බෙදා හරින කර්මාන්ත ශාලාවක යි.

ගින්න මුළුමනින්ම මැඩපවත්වා ඇති අතර රසායනික දව්‍ය පරිසරයට මුසු වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කළා.

කර්මාන්තශාලා භූමියේ තිබුණු රසායනික ද්‍රව්‍යවලට ගිනි ඇවිලිමෙන් ඇතිවූ පිපිරීමෙන් පිටවූ දුමාරය සමඟ රසායනික ද්‍රව්‍ය මිශ්‍රවී පරිසරයට එකතුවීමක් සිදුව ඇති බව එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීගස්මුල්ල මහතා ප්‍රකාශ කළා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර අද උදෑසන වන විටද ගින්නෙහි දුමාරය අවට පැතිර තිබූ බව වාර්තා වෙනවා.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

7 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

7 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago