නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි වරෝහණදීර මහත්මිය පවසනවා. එම උපුටා ගැනීම පහතින් දැක්වෙයි.
පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා. පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ 2023 ජූලි 30 සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් මූලික විමර්ශනය
කිරීම සඳහා ජේෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කොට මේ වන විටත් විමර්ෂණ සිදු කෙරෙමින් පවතින බවද මහ ලේකම්වරිය තවදුරටත් සඳහන් කරනවා.
මේ වන විට අදාළ කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක් නිලධාරියෙකුගේ වැඩ තහනම් කොට ඇති අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.
එකී කරුණු සම්බන්ධව අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම් වෙතද තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇති බවද රෝහණදීර මහත්මිය
පවසනවා.
මේ වන විට අදාළ කමිටු විමර්ෂණ අපක්ෂපාතීව සිදු කෙරෙමින් පවතින අතර කිසියම් නිලධාරියෙකුට එරෙහි චෝදනාවක් තහවුරු වුවහොත් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහ ලේකම්වරිය පවසනවා.
මුලාශ්‍ර ලංකා පාර්ලිමේන්තුව.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…