file
පොලිසියට නිකුත් කල T 56. ගිනි අවියක් දඩයමේ යැවු පොලිස් සැරයන් වරයකු සමග වන සතුන් දඩයමේ ගිය දෙදෙනෙකු වහල් කඩ පොලිසි මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
T56 ගිනි අවියක් භාවිතා කර කැබිතිගොල්ලෑව වාහල්කඩ පොලිස් වසමේ ඉස්සන්නෑව ප්‍රදේශයේ වන සතුන් දඩයමට සිදුවෙන බවට ලබා දුන් තොරතුරකට අනුව වාහල්කඩ පොලීසිය විසින් ඉස්සන්නෑව ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකින් T.56 ගිනි අව්යක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 49,50 යන වයස්වල පසුවන හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
කල ප්‍රස්න කිරිම් වලින් කන්තලේ පොලිස් කොට්ඨාසයේ මොරවැව පොලිස් ස්ථානයට අනියුක්තව රොටවැව පොලිස් මුරපොළේ සේවයේ නියුතු සාජන්වරයෙකු තමන් වෙත ගිනි අවිය ලබා දුන් බව ඔවුන් පාපොච්චාරණය කර තිබෙනවා.
අනාවරණය කරගත් තොරතුරු මත ගිනි අවිය ලබාදුන් පොලිස් සැරයන්වරයා ද වාහල්කඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් තිදෙනා සමග T56 අවියක්, අවියේ පතුරම් ගැබ් සහිත උන්ඩ 29 ක් සමග අගල් 09 ක් දිග උල් පිහියක්ද අත්අඩංගුවට ගත් බව කල විමසීමකදී වාහල්කඩ උසස් පොලිස් නිළධාරියකු පැවසුවා.
වාහල්කඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…