දේශීය

පොලීසියේ T56 අරන් දඩයමේ ගිහින්


පොලිසියට නිකුත් කල T 56. ගිනි අවියක් දඩයමේ යැවු පොලිස් සැරයන් වරයකු සමග වන සතුන් දඩයමේ ගිය දෙදෙනෙකු වහල් කඩ පොලිසි මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

T56 ගිනි අවියක් භාවිතා කර කැබිතිගොල්ලෑව වාහල්කඩ පොලිස් වසමේ ඉස්සන්නෑව ප්‍රදේශයේ වන සතුන් දඩයමට සිදුවෙන බවට ලබා දුන් තොරතුරකට අනුව වාහල්කඩ පොලීසිය විසින් ඉස්සන්නෑව ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකින් T.56 ගිනි අව්යක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

file

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 49,50 යන වයස්වල පසුවන හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

කල ප්‍රස්න කිරිම් වලින් කන්තලේ පොලිස් කොට්ඨාසයේ මොරවැව පොලිස් ස්ථානයට අනියුක්තව රොටවැව පොලිස් මුරපොළේ සේවයේ නියුතු සාජන්වරයෙකු තමන් වෙත ගිනි අවිය ලබා දුන් බව ඔවුන් පාපොච්චාරණය කර තිබෙනවා.

අනාවරණය කරගත් තොරතුරු මත ගිනි අවිය ලබාදුන් පොලිස් සැරයන්වරයා ද වාහල්කඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් තිදෙනා සමග T56 අවියක්, අවියේ පතුරම් ගැබ් සහිත උන්ඩ 29 ක් සමග අගල් 09 ක් දිග උල් පිහියක්ද අත්අඩංගුවට ගත් බව කල විමසීමකදී වාහල්කඩ උසස් පොලිස් නිළධාරියකු පැවසුවා.

වාහල්කඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

10 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

10 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago