file
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව රිටිගල වනජීවී කලාපයට අයත් යකල්ල අංක 187 තුලන කරුවලගස්වැව ඉදිවැව ප්‍රදේශයට ඊයේ රාත්‍රීයේ පැමිණි වන අලි රංචුවක් විසින් ප්‍රදේශයේ ගොවි ජනතාව වගාකර තිබූ පොල්,කෙසෙල්,බඩඉරිඟු,බංඩක්කා,පේර,අඹ වැනි බෝග රැසක් විනාශ කර ඇති බව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා.
මානන්කට්ටිය රක්ෂිතය දෙසින් පැමිණි වන රංචුවක් මෙසේ වගාවන් විනාශ කර දමා ඇති බව වාර්තා වෙනවා.
මේ දිනවල පවතින නියං කාලගුණය හමුවේ ඉතාමත්ම බොහොම ආමාරුවෙන් මෙම වගාවන්වලට ජලය යොදා මෙම වගාවන් සිදුකරන බව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා.
තවද තමන් ළග තිබූ අතකන කර පවා උකසට තබා මූල්‍යය ආයතනවලට ණය වී අධික මිලගණන් වලට පොහොර සහ කෘෂි රසායනික මිළදීගෙන වගාවන් සිදුකළත් මෙසේ වන අලි හානිකර යාමෙන් කිසිදු පල ප්‍රයෝජනයක් නැති බව ඔවුන් පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ වන අලි ගැටලුව තවදුරටත් උත්සන්න වෙන්න ගත්තොත් ගම්මානවලට වන අලි කඩාවැදී ජන ජීවිත වලටද හානි සිදුකිරීමටද ඉඩ ඇති බවයි.
මෙම වන අලි ගැටලුවට ඉතාමත්ම කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව බළදාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…