file
මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඊයේ (11) විවෘත කෙරුණා.
ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.
බණ්ඩාරවෙල, කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා…
ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද 11 විවෘත කළා.
මම 2018 කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පත් වූ පසු ආරම්භ කළ ලංකාවේ පළමු කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේදීම මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට ලැබීම සතුටක්.
අර්තාපල් තීරු හෙවත් French Fries අද අපේ රටේ පමණක් නොව මුළු ලෝකයම ජනප්‍රිය ආහාරයක්.
මෙතෙක් මෙවැනි කර්මාන්ත ශාලාවක් අපේ රටේ තිබුනේ නැහැ. ඒ නිසාම මේවා ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500ක් පමණ විදේශ රටවලට ඇදී යනවා.
අප රටේ නිපදවිය හැකි දේ අපේ රටේම නිපදවීම අපේ අරමුණයි. එම නිසා මෙම කර්මාන්තශාලාව මගින් එම ප්‍රදේශයේ අර්තාපල් වගා කරන ගොවීන් 250කගේ අර්තාපල් මේ සඳහා යොදාගන්නවා.
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනගී යැයි කුමරතුඟුන්ගේ කියමන පරිදි මෙම උත්සාහය කුඩා වුවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙය යෝධ පියවරක් බව කිව යුතුයි.
මේ සඳහා අතහිත ශක්තිය දුන් SAPP, IFAD, ව්‍යාපෘති මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයට මගේ කෘතඥතාවය පිරිනමමි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…