file
මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඊයේ (11) විවෘත කෙරුණා.
ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.
බණ්ඩාරවෙල, කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා…
ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද 11 විවෘත කළා.
මම 2018 කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පත් වූ පසු ආරම්භ කළ ලංකාවේ පළමු කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේදීම මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට ලැබීම සතුටක්.
අර්තාපල් තීරු හෙවත් French Fries අද අපේ රටේ පමණක් නොව මුළු ලෝකයම ජනප්‍රිය ආහාරයක්.
මෙතෙක් මෙවැනි කර්මාන්ත ශාලාවක් අපේ රටේ තිබුනේ නැහැ. ඒ නිසාම මේවා ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500ක් පමණ විදේශ රටවලට ඇදී යනවා.
අප රටේ නිපදවිය හැකි දේ අපේ රටේම නිපදවීම අපේ අරමුණයි. එම නිසා මෙම කර්මාන්තශාලාව මගින් එම ප්‍රදේශයේ අර්තාපල් වගා කරන ගොවීන් 250කගේ අර්තාපල් මේ සඳහා යොදාගන්නවා.
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනගී යැයි කුමරතුඟුන්ගේ කියමන පරිදි මෙම උත්සාහය කුඩා වුවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙය යෝධ පියවරක් බව කිව යුතුයි.
මේ සඳහා අතහිත ශක්තිය දුන් SAPP, IFAD, ව්‍යාපෘති මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයට මගේ කෘතඥතාවය පිරිනමමි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…