file
අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මීට සුළු වෙලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණි ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවේ සිය විශේෂ ප්‍රකාශය සිදුකරමින් සිටිනවා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා..
පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා පාලනය පිළිබඳව එකඟතවයකට පැමිණ ඒ පිළිබඳව ඇති ගැටලු නිරාකරණය කර ගත යුතුයි.
පසුගියදා සර්ව පාක්ෂික සමුළුව පැවැත්වුවේත් ඒකයි.
එතනදී බලය විමධ්‍යගත කිරීම ගැන පූර්ණ එකඟතාවයකට එන්න බැරි වුණා.
සමහර දේශපාලන පක්ෂ එහිදී අදහස් ඉදිරිපත් කිරිමට වැඩි කැමැත්තක් නොදක්වන බව පැහැදිලි වුණා.
සමුළුවට සහභාගී වූ සියලු දෙනාට ස්තූතියි..!
දැන්වත් තත්වය වෙනස් කරමු. අප සියලු දෙනාම විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කරමු.
“අතීතය හාරමින් නොසිට අනාගතය ගැන හිතමු”
රටේ අනාගතය වෙනුවෙන් එකට එකතුවී පොදු තීරණයකට එළඹෙමු. ඒ ගැන ගැඹුරෙන් විමසා බලමු.
අපේ කලාපේ චීනය, ඉන්දියාව වගේම බටහර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව වැනි විශාල රටවල් ද බලය විමධ්‍යගත කරලා තියෙනවා. නෙදර්ලන්තය,ජපානය වැනි රටවල් ඒ අතර වෙනවා.
චීනයේ සුළු ජනකොටස් ඉන්නේ 9%යි.. එහෙත් කලාප, කෝරළ, මහනගර තුළ මේ සුළු ජනතාවට ස්වයංත පාලන බලයක් ලබා දී තිබෙනවා.
මේ සියල්ල සලකා බලා අපේ රටට ගැලපෙන පාලන ක්‍රමයක් හදා ගමු.
අපි අවුරුද්දකට පළාත් සභා වෙනුවෙන් රුපියල් බිලියන 550ක් පමණ වැය කරනවා. මේ මුදල්වලට සාධාරණයක් පළාත් සභාවලින් ඉටුවෙලා තිබෙනවාද?
හැම පුද්ගලයෙකුටම වසරකට රුපියල් 22.000ක් අපි වියදම් කරනවා. ඒ මුදලත් පළාත් සභාවට වැය වනවා. ඒකෙන් ප්‍රතිලාභ ලැබෙනවද?
ඒත් දැන් පළාත් සභා අහෝසි කරන්න බෑ..
අපි මේක හරියට ක්‍රියාත්මක කරලා රුපියල් බිලියන 50ක් වත් ඉස්සෙල්ලා බේර ගන්න පුළුවන් ද කියලා බලන්න ඕන අනිත් වැඩවලින්.
තවදුරටත් විස්තර සහිත සජීවී දර්ශන පහතින් දැක්වේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…