දේශීය

BREAKING NEWS -පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි: ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට..

ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට ගුවන් යානයක් කඩා වැටීමෙන්, ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය අංශය පැවසුවේ, ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.එම යානය ගුවන් පරීක්ෂණ කටයුත්තක් (Air Test) සඳහා අද(07) උදෑසන 11. 25 පමණ චීන වරාය ගුවන් පථයෙන් ගුවන්ගත වී ඇති අතර උදෑසන 11. 27 ට පමණ ගුවන් හමුදා චින වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසනවා.

අනතුරින් එහි ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සදහා ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව වාර්තා වෙනවා.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

11 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago